Citizen.lk
 

මුතුරාජවෙල අභය භූමි පිළිබදව ජනාධිපති දැඩි තීන්දුවක් ගනී - බලපත්‍ර සහිතව හො නොමැතිව සිදුවන ඉදිකිරීම්, ගොඩකිරීම් වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවයි

මුතුරාජවෙල අභය භූමි පිළිබදව ජනාධිපති දැඩි තීන්දුවක් ගනී - බලපත්‍ර සහිතව හො නොමැතිව සිදුවන ඉදිකිරීම්, ගොඩකිරීම් වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවයි | muthurajawela
Thu 22 March 2018 1:28 pm
6,098 views

 

මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන ඉදිකිරීම්, ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලූ ක්‍රියාකාරකම් වහාම තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත. ජනාධිපතිවරයා අද (22දා) අළුයම එම ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් අදාළ නිළධාරීන්ට තව දුරටත් මෙලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

ඉඩම් කොටස් ගොඩකිරීම සඳහා යම් රාජ්‍ය ආයතනයක් මගින් දැනට කුමන හෝ අවසරයක් ලබාදී ඇත්නම් ඒ සියල්ල අහෝසි කිරීමට ද මුතුරාජවෙල අභය භූමි ප‍්‍රදේශයේ සිදුකෙරෙන පරිසර විනාශයන් මැඩලීම සඳහා එම ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සහ ප‍්‍රවේශ මාර්ගවලට මාර්ග බාධක යෙදවීමට ද ජනාධිපතිවරයා මෙහිදී පොලිස්පතිවරයාට වෙත උපදෙස් දුන්නේය.

පරිසර විනාශයන්ට අනුග‍්‍රහය දක්වන හෝ දැක්වූ රාජ්‍ය නිලධාරින් සිටීනම් ඔවුන්ට එරෙහිව ද විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.


පරිසර සංරක්ෂණ ප‍්‍රදේශයක් ලෙස මෙහි පවතින සියලු ඉඩම් වනජීවි සහ පරිසර සංරක්ෂණ කලාප ලෙස ගැසට් කිරීමේ හැකියාව පිළිබඳ නීති උපදෙස් ලබාගැනීමට ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් දෙන ලදී.

මෙම ප‍්‍රදේශය තුළ සිදුකෙරෙන ගොඩකිරීම් සඳහා පස් ලබාදෙන ස්ථානවලට භූ විද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශය මගින් බලපත‍්‍ර නිකුත්කර තිබේනම් ඒවා ද වහාම අවලංගු කිරීමට ජනාධිපතිවරයා මෙහිදී නියෝග කරන ලදී.

Latest News

You may also like

Latest Videos

Hot Video

Ranjan Ramanayake Truth About Sri Lanka Cricket Board | ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතුලත තිත්ත ඇත්ත රන්ජන් හෙළිකරයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News


x