Citizen.lk
 

4වන වරටත් රුසියාව ජනපති ලෙස පුටින් වැඩි ඡන්දයෙන් තේරි පත්වෙයි

4වන වරටත් රුසියාව ජනපති ලෙස පුටින් වැඩි ඡන්දයෙන් තේරි පත්වෙයි | Russia election Vladimir Putin wins by big margin
Mon 19 March 2018 8:39 am
459 views

රුසියානු ජනපතිවරණයෙන් මෙවරත් ජය ගැනීමට පුටින් සමත්වී තිබෙනවා. ඔහු වැඩි ඡන්ද විශාල ගණනකින් මෙවරද ජයග්‍රහණය කර ඇති අතර ඒ අනුව ඔහුගේ ධූර කාලය තවත් වසර 6කට දිගුවනු ඇති.

වසර 1999 පටන් රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හැටියට බලයේ රැඳී සිටිමින් රුසියාව පාලනය කරනු ලබන්නේ ව්ලදිමීර් පුටින් විසිනි.

මෙවර රුසියාවේ ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයෝ හත් දෙනෙක් තරඟ කළ අතර ධනවත් කොමියුනිස්ට්වාදියකු වන පාවෙල් ගෘදිනින්,රුපවාහිනී ශිල්පියකුව සිටි සේන්යා සොබ්චක් සහ ජාතිකවාදී රුසියානු නායකයකු වන ව්ලදිමීර් ෂිරිනොව්ස්කි එම අපේක්ෂකයන් අතර සිටියහ.

එහෙත් ප්‍රධාන විපක්ෂ නායක අලෙක්ෂි නවල්නිට මෙම ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව නොලැබුණි.

ඊට හේතු වුණේ වංචා චෝදනාවන්ට ඔහු වරදකරු කරනු ලැබීමයි. එම චෝදනා දේශපාලන යටි අරමුණු අනුව ගොතන ලද ඒවා යයි පවසන රුසියාවේ විපක්ෂ නායකයා මේ ඡන්ද වර්ජනය කරන මෙන් මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News