Citizen.lk
 

ඒකාබද්ධ විපක්ෂයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ගෙනෙන විශ්වාසභංගයේ අත්සන් කොලේ එළියට

ඒකාබද්ධ විපක්ෂයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ගෙනෙන විශ්වාසභංගයේ අත්සන් කොලේ එළියට | ranil wikramasinghe No Confidence Motion
Fri 16 March 2018 3:00 pm
4,584 views

 

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ගෙනෙන විශ්වාසභංගය සඳහා මේ වන විට අත්සන් 20 ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවට වාර්ථා වෙනවා.

එහෙත් විදේශ පුවත් සේවා නියෝජිතයින් හා පැවැති හමුවකට එක්වෙමින් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය ලබන සතියේදී ගෙන එන බවයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය යෝජනාව ගෙන එන බවත් ඒ සඳහා එක්සත් ජතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන්ද සහාය ලැබෙනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර ඇත.

මේ සඳහා විපක්ෂය නියෝජනය කරන දමිළ ජාතික සන්ධානයේ සහායක් අපේක්ෂා කළ නොහැකි නමුත් අනෙකුත් විපක්ෂ පක්ෂ ඒ සඳහා සහාය ලබාදෙනු ඇතැයි පවසා ඇත.

 

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News