Citizen.lk
 

වෙළඳපලට අළුතින් එන Samsung S9 හා S9 plus, Dialog එකෙන් pre-order කරන සැමටම ඇදහිය නොහැකි වාසි රැසක්

වෙළඳපලට අළුතින් එන Samsung S9 හා S9 plus, Dialog එකෙන් pre-order කරන සැමටම ඇදහිය නොහැකි වාසි රැසක් | Samsung S9 and S9 plus
Thu 15 March 2018 5:55 pm
1,102 views

 

මාර්තු 23 වන දා වෙළඳපලට නිකුත් කිරීමට නියමිත Samsung සමාගමේ නවතම ගැලැක්සි S9 දුරකථනය සහ Galaxy S9 plus දුරකථනය pre-order කිරීමේ හැකියාව Dialog Axiata සමාගම සලසා දී තිබෙනවා.


ඒ අනුව 64 GB Galaxy S9 දුරකථනය 142 900ක මුදලකටත්, 64GB Galaxy S9 Plus දුරකථනය 160 900 ක මුදලකටත්, 128 GB Galaxy S9 Plus දුරකථනය 177 190 ක මුදලකටත් pre-orders කිරීමේ හැකියාව පවතිනවා.

pre-order කරන සියළුම පාරිභෝගිකයන් හට වාසි රැසක් ලබා දීමට Dialog Axiata තීරණය කර ඇති අතර, එහිදී රුපියල් 56,590 ක් වටිනා Samsung Gear Sport සඳහා 50% ක වට්ටමක් ද, free cover, free tempered glass සහ free Liv-it 2 smartband එකක් ද, ඊට අමතරව 64GB S9 සහ S9 Plus දුරකථන සඳහා අමතර 64GB memory card එකද් ද හිමිවනවා.

මෙම දුරකථනයේ ඇති විශේෂත්වය වන්නේ

Galaxy S8 වලට වඩා bezels එක ඉහළ සහ පහළ කුඩා කර ඇත. අඟල් 5.8 ක QHD + තිරයක් අඟල කට පික්සල් 567 කින් සමන්විතවේ. Galaxy S8 සහ Note 8 හි අප දැක ඇති Infinity Display තිරය මෙම දුරකථනයෙත් ද පවතී.

එමෙන්ම නව Samsung Galaxy S9 දුරකථනයේ අගල් 5.8 Super AMOLED තිරය, resolution 1440 x 2960 ප්‍රමාණයෙන් යුක්තවෙයි. එමෙන්ම මෙහි S8 වලට වඩා ඉතාමත් තියුණු ඡායාරුප දැකගැනීමට හැකියාවක් ලැබෙන බවයි සදහන් වන්නේ.
පසුපස කැමරාවෙන් පහළට ඇඟිලි සලකුණු ස්කෑනරය ප්‍රතිස්ථාපනය කර ඇත.

Samsung S9 දුරකථ්නයේ ස්පීකර්ස් 1.5 ගුණයකින් වැඩි බවයි සදහන් වන්නේ. එමෙන්ම මෙය ජලයට තවදුරත් ඔරොත්තු දෙන අතර IP68 waterproofing තත්වයට මෙය උසස් කර ඇත. එමෙන්ම මෙම දුරකථයේ වර්ණය Midnight Black, Coral Blue සහ Lilac Purple ලෙස වර්ණ 3ක් සහිතයි.


තවද Galaxy S9 Plus හී විචලනය වන සිදුරක් සහිත තනි කාච කැමරාවක් සුපිරි-මන්දගාමී චලන මෙන්ම අමතර සජීවී විකාශ අංග ස්ථාපිත කර ඇත.
මෙහි කැමරාව dual-aperture තාක්ශනයෙන් සහිතයි. මිනිසාගේ ඇසේ ආලොකය අනුව සිදුරේ ප්‍රමාණය වෙනස් වනවා මෙන්ම මෙම කැමරාවේද සිදුරේ ප්‍රමාණය වෙනස් වෙයි.

ඉදිරිපස කැමරාව සමග AR තාක්ෂණය එක කර ඇති අතර එමගින් ඔබේ රූපයේ යොදාගෙන emoji නිර්මාණය කිරීමට හැක.

සැම්සුන්ග් සමාගම සිය බික්ස්බි විෂන් ව්යාපෘතිය තව දුරටත් දියුණු කර ඇත. නව Bixby හට ජායාරුප බලා එම ඡායාරුපය ගත් සිථ්නය වැනිදේ ප්‍රකාශ කල හැකි බවත් සදහන් වේයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News