Citizen.lk
 

ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගිය 26ක් ආපසු හරවා එවයි

ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගිය 26ක් ආපසු හරවා එවයි | people back in Sri Lanka
Wed 14 March 2018 12:30 pm
2,376 views

 

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සහ ස්විට්සර්ලන්තයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු , එම රටවලින් පිටුවහල් කර අද (14) උදෑසන යළිත් ආපසු ශ්‍රී ලංකාවට එවා තිබෙනවා .

මෙයින් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු අලුයම 6.20 ට පමණ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇත .

මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු උදෑසන 9.00 ට පමණ ස්විට්සර්ලන්තයේ සිට එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

මෙම පිරිස සමග එම රටවලට අයත් විශාල ආරක්ෂක භට පිරිසක් ද එම ගුවන් යානා වල පැමිණ සිටියහ.

මෙම පිරිස අතර සිංහල මෙන්ම ද්‍රවිඩ ජාතිකයන් ද සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කළා .

මොවුන් ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කර හැරීමට නියමිත බව කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පවසනවා.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News