Citizen.lk
 

මහනුවර ඇතිවූ ගැටුම් නිසා මියගිය පුද්ගලයන්ගේ පවුල් වලට ලක්‍ෂ 5 බැගින් වන්දි ලබා දීමට තීරණය කරයි

මහනුවර ඇතිවූ ගැටුම් නිසා මියගිය පුද්ගලයන්ගේ  පවුල් වලට ලක්‍ෂ 5 බැගින් වන්දි ලබා දීමට තීරණය කරයි | violence dead people  to Compensation
Wed 14 March 2018 6:44 am
842 views

මහනුවරදී ඇතිවූ සිද්ධිය හේතුවෙන් මිය ගිය එම්. බී. කුමාරසිංහ, ගුණරත්න බණ්‌ඩා සහ මොහොමඩ් හීම් යන තිදෙනා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 05 බැගින් වන්දි ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙවැනි සිද්ධිවලින් මිය යන පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂයක්‌ ද අවමඟුල් කටයුතු සඳහා රු. 15000 ක්‌ ද ලබාදෙන නමුත් මේ තිදෙනා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 05 බැගින් ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව මේ තිදෙනා සඳහා පළමුව රුපියල් එක්‌ලක්‍ෂ පහළොස්‌ දහස බැගින් ලබාදීමටත් ඉතිරි මුදල දීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලබා ගැනීමටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය. පුනරුත්ථාපන අධිකාරිය විසින් මේ වන්දි මුදල කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවට අගමැති කාර්යාලයට දැනුම් දී ඇත. අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

 

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News