Citizen.lk
 

මහනුවර සිදුවීමට අත්අඩංගුවට ගත් අමිත් ජීවන්ගේ කාර්යාලය වටලයි - ජාතින් අතර අසමගිය ඇතිකරන ලිය කියවිලි ඇතුළු තවත් බොහෝ දෑ අත්අඩංගුවට

මහනුවර සිදුවීමට අත්අඩංගුවට ගත් අමිත් ජීවන්ගේ කාර්යාලය වටලයි - ජාතින් අතර අසමගිය ඇතිකරන ලිය කියවිලි ඇතුළු තවත් බොහෝ දෑ අත්අඩංගුවට | amith jeewan
Tue 13 March 2018 7:26 pm
4,788 views

 

මහනුවර ප‍්‍රදේශයේ ප‍්‍රචන්ඩ ක්‍රියාවන්ට මුලිකව ක්‍රියා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින මහසොන් බළකායේ ප‍්‍රධානී බව කියන විදානපතිරණයේ අමිත් ජීවන් වීරසිංහ නැමැති සැකකරුට අයත් මහනුවර නත්තරංපොත කුණ්ඩසාලේ පිහිටි කාර්යාලය අද (13) සෝදිසියට ලක් කළා.

එහි තිබී ජාතින් අතර අසමගිය, වෛරය ,ප‍්‍රචන්ඩත්වය ඇති කිරීම සඳහා බෙදාහැරීමට සුදානමින් තිබු අත්පති‍්‍රකා පෝස්ටර්, බැනර් ඇතුලූ භාණ්ඩ රැසක් හා පෙට්ට‍්‍රල් බෝම්බ ලෙසට සැකකරන බෝතල් හතක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

මෙම භාණ්ඩ වලට අමතරව මොවුන් ප‍්‍රවෘත්ති සාක්ච්ඡා පැවැත්වීම සඳහා භාවිතා කිරීමට තිබු මහසොන් බළකාය වශයෙන් ලංඡනය සඳහන් මයික්‍රෝෆෝනයක්, බැංකු පොත් රැසක්, මුදල් ලැබුණු රිසිට්පත්, වාහන බලපත‍්‍ර, ජාතීන් අතර අසමගිය, වෛරය ඇති වන ආකාරයේ වැකි සඳහන් අත්පළඳනා, පරිගනක ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය (සී.පී.යු) ආදි භාණ්ඩ රැසක් තිබු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා.
.

අත්අඩංගුවට ගෙන ඇති මෙම ප‍්‍රධාන සැකකරුගේ ප‍්‍රකාශ මත ත‍්‍රස්තවාදී විමර්ශන දිසාවේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.

මොවුන් සතුව ඇති ජංගම දුරකතන වලට මෙම කාලය තුළ ලැබුණු ඇමතුම් හා තබාගත් ඇමැතුම් සම්බන්ධයෙන් ඇමතුම් ජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති නිලධාරීන් යොදවා පරීක්ෂා කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියා.

ප‍්‍රධාන සැකකරු ඇතුළු 10 දෙනෙක් ත‍්‍රස්තවාදී විමර්ශන දිසාව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තවදුරටත් ප‍්‍රශ්න කරමින් පසු බව බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News