Citizen.lk
 

රමිත් රඹුක්වැල්ලගේ රිය පැදවීමේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

 රමිත් රඹුක්වැල්ලගේ රිය පැදවීමේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි | ramitha rambukwalla
Tue 13 March 2018 12:00 pm
1,947 views

 


පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ රිය පැදවීමේ බලපත‍්‍රය තාවකාලිකව අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය අද නියෝග කළා.

ඒ මොහුට විරුද්ධව බීමත්ව රිය පැදවීම ඇතුළු චෝදනා හතරක් යටතේ නාරාහේන්පිට පොලිසිය ගොනු කර තිබූ නඩුවක් අද කැදවූ අවස්ථාවේදීයි. එහිදී අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ සැකකරුගේ කායික සහ මානසික මට්ටම පිළිබඳ වාර්තාවක් ප‍්‍රවාහන අමාත්‍යාංශයට අයත් නුගේගොඩ පිහිටි වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර ලබා ගන්නා ලෙසටයි.

එමෙන්ම නාරාහේන්පිට පොලිසිය ගොනු කර තිබූ චෝදනා වලට අධිකරණය හමුවේ මොහු නිවැරදිකරු බව ප‍්‍රකාශ කර ඇති අතර ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ජුනි මස 19 වනදා සිදු කිරීමටයි අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ. එදිනට මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි ද නිකුත් කෙරුණා.

 

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News