Citizen.lk
 

බංගලියන් හමුවේ ශ්‍රි ලංකා පිල අසරණ වෙයි - මැච් එක දිනලා පිච් එක මැද මුශ්ෆිකර් දැමූ නයි නැටුම - Video

බංගලියන් හමුවේ ශ්‍රි ලංකා පිල අසරණ වෙයි  - මැච් එක දිනලා පිච් එක මැද  මුශ්ෆිකර් දැමූ නයි නැටුම -  Video  |  Nidahas Trophy, Sri Lanka vs Bangladesh Highlights
Sun 11 March 2018 11:21 am
3,013 views

විස්සයි විස්ස නිදහස් කුසලාන තරගාවලිියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තරගය කඩුලු පහකින් ජයගැනීමට බංග්ලාදේශය සමත්වුණා. ශ්‍රි ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 215ක ඉලක්කය කඩුලු පහක් පමණක් වැය කර තවත් පන්දු 2ක් ඉතිරිව තිබියදී පසුකර යෑමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඒ නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැති තෙවැනි තරගයේදිය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20ට ලකුණු 214 ක් රැස්කළේය. පළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවා 19.2කදී කඩුලු පහක් පමණක් වැය කර ඉලක්කය පසුකර ගියේය. බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ මුශ්ෆිකාර් රහීම් පන්දු 35කදී ලකුණු 72ක් නොදැවි රැස්කිරීමට සමත්විය. තරඟය ජයග්‍රහනයත් සමඟ පිටිය මැඳ මුශ්ෆිකර් දැමූ නර්තනය පිළිබඳව ලෝකයම කතා බහට ලක් වී ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News