Citizen.lk
 

ප්‍රකට විද්‍යාඥවරියක වන මුරුසියේ ජනපතිනී ඉල්ලා අස්වෙයි

ප්‍රකට විද්‍යාඥවරියක වන මුරුසියේ ජනපතිනී ඉල්ලා අස්වෙයි | mauritius president Gurib Fakim
Sat 10 March 2018 1:13 pm
6,335 views

 

මුරුසියේ ජනපති අමීනාහ් ගුරීබ්-ෆාකිම් මූල්‍ය වංචා චෝදනාවක් හමුවේ සිය ධුරයෙන් ඉවත්ව යෑමට සූදානමින් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

අප්‍රිකානු කලාපයේ සිටි එකම කාන්තා ජනපති නියෝජනය වූ ඇය පුණ්‍ය ආයතනයක් විසින් ලබාදුන් බැංකු කාඩ්පතක් තම පෞද්ගලික අවශ්‍යතා පිරිමසා ගැනීමට පාවිච්චි කිරීමේ චෝදනාව ලක්ව වී සිටිනවා.


කෙසේ වෙතත්, ලබන වසරේදී පැවැත්වීමට නියමිත මුරුසියේ 50 වැනි නිදහස් දින සැමරුමෙන් පසුව ඇය ධුරයෙන් ඉවත්ව යනු ඇති බව විදෙස් වාර්තා පවසා සිටියි.


එහෙත් තමන් කිසිදු වරදක් සිදු නොකළ බව කියන ජනපතිනිය ඒ සියලු මුදල් යළි ලබාදුන් බවද සඳහන් කර ඇත. එරට ජනපති ධුරයට පත්වීමට පෙර ප්‍රකට විද්‍යාඥවරියක ලෙස සේවය කළ ඇය 2015 වසරේ සිට මුරුසියේ ජනපති ධුරය ලබාගත්තා.
ඇයගේ ඉවත්වීම තහවුරු කර ඇති බව මුරුසි අගමැති ප්‍රවින්ද් ජගනූත් සඳහන් කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News