Citizen.lk
 

20යි විස්ස අද තරඟයේ කිසිදු ප්‍රමාදයක් නෑ - තරඟට දැඩි ආරක්ෂාවක්

20යි විස්ස අද තරඟයේ කිසිදු ප්‍රමාදයක් නෑ - තරඟට දැඩි ආරක්ෂාවක් | nidahas kusalana 20 20
Tue 06 March 2018 6:32 pm
1,447 views

 

නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලිය කිසිදු ප්‍රමාදයකින් තොරව පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අද පස්වරු 07ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය අසළ තව්හීද් ජමාත් සංවිධානය විසින් විරෝධතාවයක නිරත වෙනවා. ඒ තෙල්දෙනිය ප්‍රදේශයේ සිදුවූ සිදුවිමට විරෝධය පාමිනුයි එම සංවිධානය මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.


ක්‍රීඩාංගණය තුළත් ඉන් පිටතත් දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන අතර, ක්‍රීඩාංගණය අසලට පොලිස් කැරළි මර්දන ඒකකය හා ජල ප්‍රහාරක රථ ද කැඳවා තිබෙනවා.


මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ අද තරඟය සඳහා නිකුත් කළ ප්‍රවේශ පත්‍ර සියල්ල දැනටමත් විකිණී අවසන් වී ඇති බවයි.

තරඟ 7කින් සමන්විත තරගාවලියේ අවසන් තරඟය මාර්තු 18 වන දා පැවැත්වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකර තිබූ අද තරඟයට බොහෝදුරට එක්වියහැකි කණ්ඩායම් පහතින්.

Sri Lanka (probable):

1 Kusal Mendis,
2 Danushka Gunathilaka,
3 Kusal Perera,
4 Upul Tharanga,
5 Dasun Shanaka,
6 Thisara Perera,
7 Dinesh Chandimal (capt & wk),
8 Akila Dananjaya,
9 Amila Aponso,
10 Suranga Lakmal,
11 Dushmantha Chameera

India (probable):

1 Rohit Sharma (capt),
2 Shikhar Dhawan,
3 Suresh Raina,
4 KL Rahul,
5 Manish Pandey,
6 Rishabh Pant/Dinesh Karthik (wk),
7 Washington Sundar/Deepak Hooda,
8 Yuzvendra Chahal,
9 Shardul Thakur,
10 Axar Patel,
11 Jaydev Unadkat

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News