Citizen.lk
 

බොනී කපූර්ගේ පරස්පර ප්‍රකාශ නිසා ශ්‍රිදේවීගේ මරණයය පිළිබඳව සැකයක්

බොනී කපූර්ගේ පරස්පර ප්‍රකාශ නිසා ශ්‍රිදේවීගේ මරණයය පිළිබඳව සැකයක්  | Boney Kapoor reveals what happened before Sridevi's death
Tue 06 March 2018 12:46 pm
8,007 views

සිය බිරිය වූ ශ්‍රී දේවි නාන බේසමේ වැටී සිටියත් තමා පොලිසියට නොදැන්වූ බව බොනී කපූර් පිළිගෙන ඇත.ශ්‍රී දේවියගේ අන්තිම අවස්‌ථාව ගැන තොරතුරු හෙලිකළ බොනී කපූර් තවදුරටත් පැවසුවේ ශ්‍රී දේවි නාන බේසමේ වැටී සිටියේ කෙසේදැයි තමාට තේරුම් ගැනීමට නොහැකිවූ බවය.

තමා රූපවාහිනිය නරඹමින් සිටියදී ශ්‍රී දේවි නාන කාමරයට ගිය බවද බොනී කපූර් ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහු ඊට පෙර පැවසුවේ තමා මුම්බායි ගොස්‌ ආපසු ඩුබායි ජුටේරියා හෝටලයට පැමිණි අවස්‌ථාවේ ශ්‍රී දේවි නාන බේසමේ වැටී සිටිනු දුටු බවයි.

මේ නිසා බොනී කපූර්ගේ ප්‍රකාශ ගැන දැඩි සැක පහළවී ඇත.62 හැවිරිදි වියේ පසුවන බොනී කපූර් කලින් කළ ප්‍රකාශය වෙනස්‌ කරමින් කීවේ රාත්‍රී භෝජන සංග්‍රහයකට යාම සඳහා නාන කාමරයෙන් එන ලෙස තමා ශ්‍රී දේවිට කෑගැසූ බවත් එහෙත් ප්‍රතිචාරයක්‌ නොලැබීම නිසා නාන කාමරයට ගිය බවත්ය.

බොනී කපූර් ඩුබායි පොලිසියට දුරකථන ඇමතුමක්‌ දී ඇත්තේ රාත්‍රී 9 ට බව හෙළිවී ඇත.මෙයට පෙර බොනී කපූර් පැවසුවේ තමා බාල දියණිය මුම්බායි වෙත ගෙනගොස්‌ ආපසු පෙරළා ඩුබායි වෙත පැමිණි බවයි.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News