Citizen.lk
 

ලොවක් කම්පා කරමින් අවසන් ගමන් ගිය ශ්‍රි දේවිගේ දේහය මුම්බායි නගරය වෙත රැගෙන එයි - Photos

ලොවක් කම්පා කරමින් අවසන් ගමන් ගිය  ශ්‍රි දේවිගේ දේහය මුම්බායි නගරය වෙත රැගෙන එයි - Photos |  Sridevi Is Home  Final Farewell Funeral In Mumbai Today
Wed 28 February 2018 10:26 am
3,908 views

දේහය මේ වන විට බෙහෙත් ගැල්වීම් කටයුතු සඳහා රැගෙන ගොස් ඇති අතර එය අද පෙරවරු 9.30 සිට 12.30 දක්වා ලෝක්නද්වාලා හි පිහිටි ඇගේ නිවස අද්දර උත්සව ක්‍රීඩා සමාජ ශාලාවේ
මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිතය


සුපිරි භාරතීය නිළි ශ්‍රීදේවිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(28) පස්වරු 3.30ට මුම්බායිහි දී හින්දු චාරිත්‍රානුකූලව සිදු කිරීමට නියමිතය. ඇගේ දේහය ඊයේ පස්වරුවේ පෞද්ගලික ජෙට් ගුවන් යානයකින් ඩුබායි සිට මුම්බායි කරා ගෙනෙනු ලැබිණි.

මේ වන විට දේහය බෙහෙත් ගැල්වීම් කටයුතු සඳහා රැගෙන ගොස් ඇති අතර එය අද පෙරවරු 9.30 සිට 12.30 දක්වා ලෝක්නද්වාලා හි පිහිටි ඇගේ නිවස අද්දර උත්සව ක්‍රීඩා සමාජ ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරෙ අද පස්වරු 2.30ට එය විලේ පාර්ලේ සේවාසමාජ් ආදාහනාගාරය වෙත ගෙන යනු ඇත.

අද දහවල් දේහය අවසන් ගෞරව සඳහා තැන්පත් කර තැබෙන අව්ස්ථාවේ එම ශාලාව තුළ විඩියෝ ගත කිරීම් සහ පටිගත කිරීම් සඳහා අවසර ලබා දී නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට ලක්ෂ ගණනක පිරිසක් පොදි කමින් සිටින බැවින් එම ජනතාව හසුරුවා ගැනීම සඳහා පොලිසියේ විශේෂ සැළසුම් ක්‍රියාත්මක කොට ඇත.

ශ්‍රීදේවිගේ අවසන් කටයුතු සිදු කිරිමට නියමිතව තිබුණද ඇගේ හදීසි මරණය පිළිබඳ ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ නිමා වන තුරු ඇගේ දේහය ඥාතීන්ට බාර නොදීම හේතුවෙන් අවසන් කටයුතු අද දක්වා කල් තැබීමට සිදුවිය.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News