Citizen.lk
 

හැමෝම අතර ජනප්‍රිය කුවේණි , නාඩම් ගීතය බිහි වීමට මුල් වුන නිහඬ කලා කරුවා චන්ද්‍රසේන තලංගම - Photos

හැමෝම අතර ජනප්‍රිය  කුවේණි , නාඩම් ගීතය  බිහි වීමට මුල් වුන නිහඬ  කලා කරුවා චන්ද්‍රසේන තලංගම -  Photos    |  chandrasena thalangama
Mon 26 February 2018 2:52 pm
1,630 views

ශ්‍රි ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල නව පිටුවක් පෙරළමින් මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත් වුන වෙනස්ම වූ ගීත පෙලක් වන කුවේණි, නාඩගම් ගීතය , රාධාවනී , යන ගීත ගැන හැමෝම වගේ කතා කරන්නේ ඒම ගීත වල ඇති සංගීතය හා ගායනය හා අර්ථවත් වූ පද රචනය නිසාවෙනි, මෙම ගීත වල සංගීත නිර්මාණය සිදු කර තිබෙන්නේ චරිත අට්ටලගේ වන අතර ගායනය සිදු කරන්නේ රිද්ම වීරවර්ධනයි. හැමෝම අතර ජනප්‍රිය වුන මෙම අපූරු ගීත වල අර්ථවත් ගී පද නිර්මාණය කරන්නේ ප්‍රවීණ රචකයෙකු වන චන්ද්‍රසේන තලංගම මහතාය.

වයස අවුරුදු 14 දී ගී පද රචනය ආරම්භ කරන චන්ද්‍රසේන තලංගම මහතා කලක් දිවයින පුවත් පතට විශේෂාංග ලියූ කතුවරයකි, එතුමන් ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය නොවුනත් ජනාධිපති සම්මාන ලබා ගත් කතුවරයකි. ප්‍රවීණ ගායකයන් රැසකට පද රචන්යන් සිදු කල කලා කරුවෙකි. දිව්‍ය පුත්‍රයා ආදරණීය අරුණෝදය , ලන්ද පුරා දුව පමණින් යන ඔහු විසින් රචනා කළ සාහිත්‍ය කෘති වේ.

1990 - 2000 කාල වලදී එතුමන් ලියු කුවේණි , නාඩගම් ගීතය, රධාවනි ,සොයා ආවා වැනි ගීත රස විදීමේදී ඒවා හදවතට කා වදින්නේ සිංහල සාහිත්‍ය මසු කර නිර්මාණය කිරීම නිසාවෙනි චන්ද්‍රසේන තලංගම මහතා එවක ලීයු ගීත අද යොවුන් පරපුරේ කා අතරත් ජනප්‍රියත්වට පත් වී ඇත්තේ ඒ නිසාවෙනි. අද ශ්‍රි ලංකාවේ බිහිවන හරයක් නොමැති රසයක් නොමැති ගීත වලට ගීත නිර්මාණය කරන පද රචකයන්ට චන්ද්‍රසේන තලංගම මහතා අපූරු ආදර්ශයකි. ලාංකීක සංගීත කලාවට වියරු වැටී ඇති යුගයක මෙවන් අර්ථවත් ගීත ඉදිරියටත් චන්ද්‍රසේන තලංගම මහතා නිර්මාණය කරන තෙක්, අප සැවොම බලා සිටී.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News