Citizen.lk
 

පුත්තලම දිස්ත්‍රික්කය පුරා සුනඛයින් රෝගයක් හේතුවෙන් මිය යයි - රෝම වැටී වැහැරී මරණයට පත් වෙයි - ඡායාරූප

පුත්තලම දිස්ත්‍රික්කය පුරා සුනඛයින් රෝගයක් හේතුවෙන් මිය යයි - රෝම වැටී වැහැරී මරණයට පත් වෙයි - ඡායාරූප | dog effect puthtalama
Tue 20 February 2018 9:14 am
5,129 views

 

පුත්තලම, කල්පිටිය, ආණමඩුව, වනාතවිල්ලුව ඇතුළු ප්‍රදේශයන් රැසක සුනඛයින් බරපතල ලෙස රෝම වැටීමේ රෝගයකට ගොදුරු වී ඇති බවත්, ඉන්පසු සුනඛයින් වැහැරී මරණයට පත්වන බව ජනතාව පවසනවා.

මෙම රෝම වැටීමේ රෝගයට ගොදුරු වී ඇති සුනඛයින් බහුලව පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශයන් රැසකින් සොයාගෙන ඇති බවත්, මෙම රෝගයට මේ වන විට සුනඛයින් බහුතරයක් ගොදුරුව සිටින බවත්, එසේ රෝගයට ගොදුරු වූ පසු සුනඛයාගේ රෝම සියල්ලම ගැලවී වැටී යාම හේතුවෙන් පසුව හම පමණක් දක්නට ලැබෙන බව ජනතාව වැඩි දුරටත් සඳහන් කළා.

නිවෙස් වල ඇති කරන සුනඛයින් සහ අයාලයේ යන සුනඛයින් නිරතුරුව බේදයකින් තොරව මෙම රෝගයට ගොදුරුවන අතර, ජනතාව ජනවහරයේ මෙම රෝගය හදුන්වනු ලබන්නේ කටුවා කෑම යනුවෙනි.

සුනඛයාගේ සම ඉතිරි වන්නට සියලුම රෝම හැලී යාමත් සමගම සුනඛයා ඉතා දුර්වර්ණ වී අවලක්ෂණ පැහැයක් ගන්නා බවත්, පසුව තුවාල ඇති වීමෙන් සැරවා වහනයත් සමග සුනඛ සිරුරෙන් විශාල දුගදක් හමන බවද, කියයි.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News