Citizen.lk
 

පාර්ලිමේන්තුවේ ඒකාබද්ධයට 13 දෙනයි, ඉතිරිය ජනපති ළඟ රහස් සාකච්ඡා,  අද හවස රටේ දේශපාලනය තීරණය වෙන්නේ මෙහෙමයි

පාර්ලිමේන්තුවේ ඒකාබද්ධයට 13 දෙනයි, ඉතිරිය ජනපති ළඟ රහස් සාකච්ඡා,  අද හවස රටේ දේශපාලනය තීරණය වෙන්නේ මෙහෙමයි | Sri Lanka Politics new step
Mon 19 February 2018 2:51 pm
8,688 views

ඒකාබද්ධ විපක්ෂයේ යෝජනාව අනුව අද (19) පස්වරු 4.00 සිට රාත්‍රි 7.00 දක්වා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විවාද කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව පළ වී තිබෙනවා.

පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණු මොහොතේ දී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කථානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළා.

ඒ අනුවයි යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවීම සඳහා සභාවේ කටයුතු විනාඩි 15කට අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළේ. එහිදී මෙම එකඟතාවයන්ට පැමිණ තිබෙනවා. මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් අතර තවත් හමුවක් ජනපති ලේකම් කාර්යායේදී පැවැත්වෙමින් තිබේ.

මෙම අවස්ථාවට අද උදේ පාර්ලිමේන්තු නොගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් එක්ව ඇත. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තවදුරටත් මෙහිදී දීර්ඝව කරුණු සාකච්ඡා කෙරුණු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන බව පැවසු ඒකාබද්ධ විපක්ෂයට අද දින මන්ත්‍රීවරුන් 113 ක් නොව මන්ත්‍රීවරුන් 13 ක් පෙන්වා ගැනීමට අපොහොසත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පැය 24 න් ආණ්ඩුවක් පිහිටුවන බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසු බවත් අදවනවිට එය විහිලුවක් බවට පත්ව ඇති බවද හෙතෙම කීවේය.

නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත වරක් උණසුම්විය.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News