Citizen.lk
 

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලියේ තරග පැවැත්වෙන්නෙ මෙහෙමයි

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි20 තරගාවලියේ තරග පැවැත්වෙන්නෙ මෙහෙමයි | IPL 2018
Sat 17 February 2018 12:55 pm
3,298 views

 

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරගාවලිය ආරම්භ කරමින් ඉකුත් වසරේ (2017) ශූරයන් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම, තහනමකට ලක්ව සිට යළිත් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මස 7 වැනිදා මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි දිනය වන 8 වැනිදා තරග 2 ක් පැවැත්වෙන අතර එහිදී කිංග්ස්XI පංජාබ් කණ්ඩායමට එරෙහිව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම දිල්ලිහිදීද, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම කොල්කටාහිදීද තරග වදිනු ඇත.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙන්ම වසර 2 ක තරග තහනමකින් අනතුරුව යළිත් තරගාවලියට එක්වන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම, අප්‍රේල් 9 වැනිදා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී සිය පළමු තරගයට සහභාගි වීමට නියමිතය.

කිංග්ස්XI පංජාබ් කණ්ඩායම හැරුණුකොට සෙසු කණ්ඩායම් සියල්ලම සිය සාම්ප්‍රදායික ක්‍රීඩාංගණ වලදී තරග 7 බැගින් ක්‍රීඩා කරන අතර පංජාබ් කණ්ඩායම පමණක් ඔවුන්ගේ තරගය 7 න් 3 ක් ඉන්දෝර්හිදීද, 4 ක් මොහාලිහිදීද ක්‍රීඩා කරනු ඇත.

තරගාවලියේ අවසන් මහ තරගයට සුදසුකම් ලැබීමේ පළමු තරගය (මැයි 22 වැනිදා) සහ අවසන් මහ තරගය (27 වැනිදා) මුම්බායිහි වන්කඬේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහෙත් සුදසුකම් ලැබීමේ දෙවැනි තරගය (23 වැනිදා) සහ පරාජිතයන් ඉවත් කිරීමේ තරගය (25 වැනිදා) පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් නම්කර නොමැත.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News