Citizen.lk
 

රන්ජන්, මෛත්‍රී හමුවෙයි - සුසිල්, මහින්ද හමුවෙයි - ලාංකීය දේශපාලනයේ සීතල යුද්ධය උග්‍ර අතට

රන්ජන්, මෛත්‍රී හමුවෙයි - සුසිල්, මහින්ද හමුවෙයි - ලාංකීය දේශපාලනයේ සීතල යුද්ධය උග්‍ර අතට | Ranjan Meet My3 Susil Meet MR
Fri 16 February 2018 11:38 am
3,446 views

මේ දිනවල ශ්‍රී ලාංකීය දේශපාලනය සංක්‍රාන්ති අවධියකට පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රධාන පක්ෂයන්ගෙන් ආණ්ඩුවක් පිහිටුවීමට පාර්ශව කිහිපයක්ම විවිධ සාකච්ඡා පවත්වමින් යනවා. අගමැති හා ජනපති අතර මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරද මෙම සාකච්ඡා පැවැත්වෙන අතර ඒ අනුව අද (16) එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායක විසින් ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

මේ අතර සුසිල් ප්‍රේමජයන්ත් විසින් මහින්ද රාජපක්ෂ මහතා සමඟින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවටද දැනගන්නට ලැබෙනවා. පැවති පලාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසුව දේශපාලන බලපෙරළියක් සිදුවූ අතර පොහොට්ටුවෙන් තරඟ කළ මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයට වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිවීමත් සමඟින් ජාතික ආණ්ඩුවක් ගෙනගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර මත ගැටුමක් ඇතිවූයේ ඉන් පසුවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද විශේෂ ප්‍රකාශ දෙකක් නිකුත් කිරීමට නියමිතයි. ජාතික ආණ්ඩුවේ ඉදිරිවැඩ පිලිවෙළ සම්බන්ධයෙන් සහ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ප්‍රකාශයන් නිකුත් කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව සිදු කෙරෙන පළමු විශේෂ ප්‍රකාශයන් දෙක මෙයයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරු 04.00ට අරගහ මන්දිරයේ සිට එම ප්‍රකාශය මාධ්‍ය හමුවේ සිදුකරනු ඇති.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News