Citizen.lk
 

දෙවන ලෝක යුද සමයේ ඉතාමත් බිහිසුනු මෙන්ම අමානුෂිකව සිදු වූ පරීක්ෂණයක් පිලිබඳ ඔබ නොදත් තතු මෙන්න

දෙවන ලෝක යුද සමයේ ඉතාමත් බිහිසුනු මෙන්ම අමානුෂිකව සිදු වූ පරීක්ෂණයක් පිලිබඳ ඔබ නොදත් තතු මෙන්න | Russian Sleep Experiment
Wed 14 February 2018 10:10 am
14,980 views

 

1940 දශකයේ රුසියාවේ දෙවන ලෝක යුද සමයේ රුසියාවේ සිර ගෙවල් වල දේශපාලනික සිරකරුවන් බොහෝමයක් සිටියා. රුසියානු පර්යේෂකයින්ට අවශ්‍ය වී තිබුනා නින්ද නොලැබීම (sleep deprivation ) මගින් මිනිසාට ඇති වන බලපෑම ගැන අධ්‍යනය කිරීමට. ඔවුන් ඒ සඳහා සිරගෙවල් වලින් සිරකරුවන් 5 දෙනෙක් තෝරා ගනු ලැබුවා. පර්යේෂණය සිදුකරන ලද්දේ මුද්‍රා තබන ලද කාමරයක.

කාමරයට පිරවූ කෘතීම වායුවක්(gas) මගින් ඔවුන්ට නින්ද යාම වලක්වා තිබුනා. මෙම කාමරය විශේෂයෙන් පිළියෙළ කර එකක්. එහි ඔවුන් 5 දෙනාට ජලය ලබා ගත හැකි කරාමයක්,වැසිකිලියක් , කියවිඉමට පොත්පත් සහ මාස ගණනකට සෑහෙන වියලූ ආහාර ගබඩා කර තිබුනා. මිට අමතරව කාමරය නිරීක්ෂණය කර හැකි ලෙස පිටින් පමණක් ඇතුල පෙනෙන කන්නාඩි සවිකර තිබුනා .

මුල් දින පහ තුල සැම දෙයක්ම හොඳින් සිදු වූවා. සිරකරුවන් පවා මේ පරීක්ෂණයට සහයෝගය දක්වූවා. එයට හේතුව පරීක්ෂණයෙන් පසුව ඔවුන්ට නිදහස ලබා දීමට පොරොන්දු වී තිබූ නිසා. ඔවුන් කල යුතුව තිබුනේ දින 30ක් කෙසේ හෝ නින්දක් නොලබා සිටීම පමණයි. පරීක්ෂණයේ කොටසක් ලෙස සිරකරුවන් එකිනෙක සමග සිදු කරන කතා පවා සටහන් කරගනු ලැබුවා.

දවස් 4 සීමාව වන විට ඔවුන් කතා කරන දේවල් කෙමින් කෙමින් අඳුරු වුවා. ඔවුන් මුහුණදුන් සහ සිදු කල බිහිසුණු දේවල් පිළිබඳව කතා කිරීම වැඩි වුවා. දවස් 5 පසු වන විට ඔවුන් ඔවුන්ගේ තත්වය පිලිබඳ පැමිණිලි කිරීමට පටන් ගත්තා .ඔවුන් පිළිඹිබු කලේ දරුණු මානසික භිතිකා ලක්ෂණයි. මෙම කාලය වන විට ඔවුන් එකිනෙකා සමග කතා කිරීම නැවතී තිබුනා. ඒ වෙනුවට ඔවුන් කාමරයේ මයික්‍රොෆෝන අසලට විත් රහසේ කොඳුරා කතා කිරීමට පටන් ගත්තා. ඔවුන් සිදු කලේ කාමරයේ සිටින අනෙක් සිරකරුවන් පාවාදීමයි. එසේ කිරීමෙන් පර්යේක්ෂකයන්ගේ විශ්වාසය දින ගැනීමට හැකිවෙයි ඔවුන්ට යම් ලෙසකින් එත්තුගැන්වී තිබුනා.

දින 9 සීමාව පසු වනවාත් සමගම සිරකරුවන්ගෙන් එක අයෙක් ඉතාමත් දරුණු ලෙස කෑ ගැසීමට පටන් ගත්තා. පර්යේක්ෂකයන් මවිතයට පත් කරමින් ඔහු යටිගිරියෙන් කෑ ගසමින් කාමරය වටා පැය 3ක් පමණ දිව්වා. එයින් පසුවත් ඔහු කෑ ගැසීමට උත්සහ කරත් ශබ්දයක් පිටවුනේ නැහැ. හේතුව ඔහුගේ උගුරේ ස්වර තන්තු ඉරී යාම ලෙස පර්යෙක්ෂකයින් නිගමනය කළා. මේ අතර ඉතාමත් පුදුමයට කාරණාව වුයේ අනෙක් සිරකරුවන් මෙයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීමයි.

මෙසේ කෑ ගැසීම අතරතුර ඔවුන් සුපුරුදු පරිදි මයිකොෆොන තුලට කොඳුරමින් සිටියා. එත් මෙසේ සිටියේ දෙවැනි සිරකරුවා කෑ ගැසීමට පටන් ගන්නා තෙක් පමණයි. දෙවන සිරකරුවාත් යටිගිරියෙන් කෑ ගැසීමට පටන් ගත්තා. ඉතිරි අනෙක් තිදෙනා බොහොම සන්සුන්ව නැගී සිටියා ,පර්යේෂකයන් භීතියට පත් කරවමින් ඔවුන් කියවීමට තබා තිබු පොත් වල පිටු ඉරා දැමුවා. ඔවුන් එම කොළ තම තමා ගේ මළ බවිතා කරමින් කාමරය ඇතුලත පෙනෙන විදුරු කණ්ණාඩියේ එකින් එක ඇලෙව්වා. පරයෙක්ෂකයන්ට කාමරය ඇතුලත නොපෙනී යනවාත් සමගම සියලු දෙනා නිශ්ශබ්ද වුවා . දැන් කාමරය තුල කිසිදු ශබ්දයක් ඇති උනේ නෑ .රහස් කෙන්දිරීම් පවා නැවතී තිබුනා .

දවස් තුනක් ගත උනා කිසිම ශබ්දයක් මයික්‍රොෆෝන් තුලින් වත් ගලා අවේ නැහැ .පර්යේක්ෂකයන්ට සිරකරුවන් 5ම ජිවත් වන බවට තීබූ එකම ශාක්ෂිය කාමරය තුල සිදු උන ඔක්සිජන් භාවිතාවයි .මිනිසෙක් ඉතාමත් වේගයෙන් වියායාම වල නිරත වෙන විට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයක් එහිදී ඔවුන් ඔක්සිජන් පරිබෝජනය කර තිබුනා .

14 වන දවස අවසාන වන විටත් කිසිම ශබ්දයක් නොමති නිසා පර්යෙක්ෂකයින් ට ඔවුන්ගේ සැලැස්මෙන් පිට යමින් ක්‍රියා කිරීමට සිදු වුනා. ඔවුනට අවශ්‍ය උනේ යම්කිසි ප්‍රතිචාරයක් සිරකරුවන්ගෙන් ලබාගැනීමටයි ." අපි මයික්‍රොෆෝන පරික්ෂා කිරීමට දොරටුව විවර්ත කරනවා. දොරටුවෙන් ඈත් වී බිම දිගා වී සිටින්න නැත්නම් අප වෙඩි තබන්න සුදානම්.... ඔබ පිළිපැද්දොත් ඔබලාගෙන් කෙනකුට මේ දැන්ම නිදහස ලැබෙනවා" ඔවුන් කාමරය තුල ඇති speaker වලින් දැනුම් දෙනු ලැබුවා

ඒ සමගම ඔවුන් භීතියට පත් කරමින් එක කටහඩක් කාමරය තුලින් නැගුනේ . " අපට තවදුරටත් නිදහස් වීමට අවශ්‍ය නැහැ " යනුවෙනි

ඉන් පසු කල යුතු දේ ගැන පර්යෙක්ෂකයින් සහ පර්යේෂණයට මුදල් යොදවන රජයේ හමුදා නිලදාරීන් අතර මතබේදයක් ඇති උනා .මයික්‍රොෆෝන තුලින් කිසිදු ප්‍රතිචාරයක් ලබාගත නොහැකි වූ නිසා. කාමරයේ දොර විවර්ත කිරීමට 15 වැනි දවස මද්යම රාත්‍රියේදී තීරණය කරනු ලැබුවා. පළමුව කාමරය පුරවා තිබු නින්ද නොයන කෘතීම වායුව ඉවත් කරනු ලැබුවා.

එවිටම මයික්‍රොෆෝන තුලින් නවතත් ශබ්දය ඒමට පටන් ගත්තා . එහි කටහඩවල් වලින් බැගෑපත් උනේ නැවතත් එම වායුව ලබාදෙන ලෙස .ඔවුන් කෑ ගසමින් ,විලාප දෙමින් යද සිටියා එම වායුව නැවත ලෙස . ඉන්පසු කාමරයේ දොර විවර්ත කෙරුනා හමුදා භටයින් කාමරය තුලට ගමන් ආරම්භ කරා. ඒවිට සියලු දෙනා වෙන කවරදාටවත් වඩා අදික ශබ්දයෙන් කෑ ගැසීමට පටන් ගත්තා. ඇතුලත තිබු භිසුනු දර්ශනය දැක හමුදා භටයින් ද එකවර කෑ ගැසුනා. ඔවුන් දුටුවේ ඇතුලත 4 දෙනෙක් පමණක් පණපිටින් සිටින බවයි. පණපිටින් සිටියත් ඔවුන් ළඟ මනුෂ්‍යත්ව රැදි තිබුනේද යන්න ප්‍රශ්නයක්.

පළමුව ඔවුන් නිරීක්ෂණය කරේ ගබඩා කර තිබු අහාර 5 වෙනි දිනෙන් පසුව භාවිත නොකර ඇති බවයි. මියගොස් සිටි සිරකරුවාගේ කලව සහ පපු ප්‍රදේශයෙන් ගලවාගත් මස් කුට්ටි කාමරයේ ජලය බැස යන සිදුර තුලට ඔබා තිබු නිසා අඟල් 4ක් පමණ ජල තට්ටුවක් කාමරයේ රැඳී තිබුනා.එයින් කොපමණ ප්‍රමාණයක් ලේ ද යන්න ඔවුන්ට විනිශ්චය කල නොහැකි වුවා. පණපිටින් සිටි 4 දෙනාගේත් විශාල ලෙස සම සහ මස් ඉරා දමා ඇති බවක් පෙනෙන්නට තිබුනා .මස් ඉරා දම ඇති ආකාරයත් ඔවුන්ගේ ඇඟිලි තුඩු වල අස්ථි මතු වී ඇති ආකාරයත් අනුව නිගමනය කෙරුණේ තුවාල ඇති කර ඇත්තේ දත් වලින් නොව ඇඟිලි වලින්ම බවයි. සමීප නිරීක්ෂණයන් හි දී පෙනී ගියේ තුවාල සියල්ල තමුන් ම කරගත් ඒවා බවයි (self inflicted ).

පර්යේක්ෂකයින් මවිතයට පත් කරමින් සියලු සිරකරුවන්ගේ ඉල ඇට කුඩුව ට යටින් තිබු. ඉන්ද්‍රියන් ඉවත් කර ඇති බව පෙනී ගියා. හදවත සහ පෙනහැලි එලෙසම පැවතුනා. ඉල ඇට අස්ථි නිරාවරණය වන සේ සම ඉවත් කර ඇති බව පෙනුනා .ඉවත් කර තිබු ඉන්ද්‍රයන් කාමරයේ තැන තැන විසිරි තිබුනා .ඔවුන්ගේ අහාර ජීර්න පද්දතිය ක්‍රියාත්මක ලෙස පෙනුනා. තවත් නිරික්ෂනයන්හිදී පෙනී ගියේ එහි ජීර්ණය වෙමින්පවතුනේ එම දවස් ගණන තුල ඔවුන් ඉරා දැමු ඔවුන්ගේම මාංශය බවයි.

එම ගොඩනැගිල්ල තුල සිටි සියලු දෙන හමුදා විශේෂ පුහුණව ලැබූ සොල්දාදුවන්. නමුත් බොහෝ දෙන සිරකරුවන් කාමරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් උනේ නැහැ. ඉවත් කරන විට ඔවුන් යටිගිරියෙන් කෑ ගැසීමටත්. නැවතත් පෙර මෙන් කෘතීම වායුව ලබා දෙන ලෙස බැගපත් විමටත් පෙළඹුනා. ඔවුන්ට කිසි ලෙසක හෝ නින්ද යාමෙන් වලකිමටයි අවශ්‍ය වුයේ.

ඔවුන් කාමරයෙන් ඉවත් කරන විට කිසිවෙක් නොසිතු ලෙස දරුණු ලෙස සටන් කිරීමට පෙලබුනා .ඔවුන්ගෙන් කිසිවෙකුත් අපේක්ෂා කර නොතිබූ තරම් ශක්තියක් පෙන්නුම් කෙරුණා
උගුර සපා කෑම නිසා එක සොල්දාදුවෙක් මරණයට පවා පත් උනා. තවත් ය දරුණු ලෙස තුවාල ලැබුවා. හමුදා කඳවුර තුල සිටි සියලු දෙනා මේ නිසා දැඩි ලෙස කම්පනයට පත් වී ගියා.

මෙම ගැටුම් නිසා සිරකරුවන්ගෙන් කෙනෙක්ටද මරණිය තුවාලයකට ලක් වීමට සිදු උනා. ඔහුගේ ප්ලිහාව (spleen ) තුවාල විමනිසා ශරීරයෙන් ලේ ඉතා ඉක්මනින් පිටව යමින් තිබනා. කෙසේ වෙතත් වෛද්‍ය පර්යෙක්ෂකයින් ඉතා ඉක්මනින් ඔහුට ප්‍රතිකාර කිරීමට සිහි නැති කරන බෙහෙත් ලබා දීමට අත්සහ කළ නමුත් ඔවුන්ට පෙනී ගියේ සාමාන්‍ය මිනිසෙකු සිහි නැති කරන මාත්‍රාව මෙන් 10 ගුණයක් දීමෙන් පසුවත් මොවුන්ට කිසිදු බලපෑමක් ඇති නොවූ බවයි. එම සිරකරුවාගේ ශරීරයෙන් සියලු ලේ ඉවත්ව ගිය බව පෙනීමට තිබුනත් තවත් විනාඩි 2ක් පමණ ඔහු කෑ ගසමින් ජීවත්ව සිටි බව සඳහන් වෙනවා. හදවත නතර වූ පසුත් ඔහුගේ ක ගැසීම නතර වී නැහැ. කෙමින් කෙමින් දුර්වල වන කටහඬින් ඔහුගේ අවසාන වදන වුයේ “තව….”(More ) යන්නයි. අවසානයේ ඔහු ද මිය ගියා.

ඉතිරි සිරකරුවන් තුන් දෙනා දැඩි ලෙස රැකවල් ලා බැඳ දමා තිබුනා. ඔවුන්ට අත්පා වලින් කිසිවක් කල නොහැකි ලෙසයි බැඳ දම තිබුනේ . ඔවුන්ගෙන් අසාද්‍ය සිරකරුවෙක් සැත්කමකට ශල්‍යාගාරයට ගෙන එනු ලැබුවා. සැත්කමේ බලාපොරොත්තුව වුයේ ඔහුගේ ශරීරයෙන් පිටතට ගෙන තිබු අවයව යම් පමනකටහෝ නැවතත් ශරීරය තුලට තැන්පත් කිරීමයි. මොහුද සිහිනැති කිරීමට මහත් වෙහෙසක් දැරීමට වෛද්‍ය කණ්ඩායමට සිදු වූවා. ශල්‍යාගාර මේසය මත බැඳ දමා සිටියද දැඩි ලෙස මොහු ගැලවී යාමට තැත් කළා. කෙසේ වෙතත් මෙම සිරකරුවට සිහිසුන් කිරීමට වැඩි මාත්‍රාවක් ලබා දුන් පසු මොහු සන්සුන් වන බවක් පෙනී ගියා . ඔහුට නින්ද යාමට ඇස පියව ගිය ක්ෂනිකයෙන්ම ඔහුගේ හදවත ක්‍රියා විරහිත වී ඔහුද මිය ගියා. මරණ පරීක්ෂණයෙන් හෙළි උනේ ඔහුගේ ලේ වල සාමාන්‍ය ප්‍රමාණය මෙන් තුන් ගුණයක් ඔක්සිජන් තිබු බවයි.

ඉතිරි තිදෙනා ගෙන් 5 වන දිනයේදී මුලිම්ම කැ ගැසූ සිරකරුවාගේ උගුරේ ස්වර තන්තු ඉරි ගිය බව ඔබට මතක ඇති. ඔහුට ශල්‍ය කර්මයට විරුද්ද වීමට කෑ ගැසීමට නොහැකි උනා. ඔහුට කල හැකිව තිබුනේ දැඩි ලෙස හිස වැනිම පමණයි. ඔහුත් සිහි නැති කිරීමට විරුද්ධ බව පෙනී ගියා . එක වෛද්‍යවරයෙක් ගේ අදහස උනේ සිහි නැති කිරමෙන් තොරව ශල්‍යකර්මය සිදු කල යුතු බවයි. පුදුම ලෙස කිසිදි සිධි නැති කිරීමකින් තොරව පැය 6ක් ශල්‍යකර්මය සිදු කෙරුණා. සිරකරුවගෙන් කිසිදු බාධාවක් සිදු උනේ නැහැ. අවයව නැවත ස්ථානගත කොට සම ද යම් තරමකින් වැසෙන ලෙස සකසනු ලැබුවා . එම ශල්‍ය කර්මයට සහභාගි වූ හෙදියක් පැවසුවේ අයව භීතියට පත් කරමින් සිරකරුව ය දෙස බලන සෑම විටකම ඔහුගේ මුව කරකැවී විකුර්ති සිනහවක් පෙන්වූ බවයි.

ශල්‍යකර්මය අවසන් වුනි විට සිරකරුවා වෛද්‍යවරයා දෙස බලා අදික ලෙස කෙඳිරි ගමින් අපහසුවෙන් කතා කිරීමට උත්සහ දරුවා . ඔහුගේ අපහසුතාවය දුටු වෛද්‍යවරයා ඔහුට කීමට ඇති දේ ලිවීමට පෑනක් සහ කඩදාසියක් ලබා දුන්නා .ඔහු සඳහන් කරේ ඉතාම කෙටි සුළු දෙයයි ….
“මාව කපන එක නවත්තන්න එපා ….” යනුවෙනි.

අනෙක් සිරකරුවන් දෙදෙනාත් එම සැත්කමටම බාජනය කෙරුණා . ඔවුන් නැවතත් කතා කල මට්ටමට පැමිණි විටම නැවතත් කෘතීම වායුව ලබා දෙන ලෙස බැගපත් උනා. පර්යෙක්ෂකයින් ඔව්න්ගෙන් මෙලෙස ශරීරය තුවාල කර ගැනීමට සහ වායුව අවශ්‍ය හේතුව සිමසු විට ඔවුන් පැවසුවේ “ මම කොහොම හරි නින්ද නැවැත්විය යුතයි “... යන්නයි . නැවතත් සිරකරුවන් තිදෙනාම ආරක්ෂාව වැඩි ලෙස සැකස කාමරය තුල රඳවා තැබුවා. හමුදා නිළදාරින්ට තීරණයක් ගැනීමට අවශ්‍ය උනා ඉදිරියට යෑම පිළිබඳව. එහිදී පර්යේක්ෂණය අසාර්ථක වීම නිසා පර්යෙක්ෂකයින් දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් වුවා. නමුත් පැරණි KGB නිළදාරියෙක්වුණු එහි අණදෙන නිලදාරියාට අවශ්‍ය වුනා නැවතත් වායුව ලබා දුන්නොත් සිරකරුවන්ට කුමක් වේ දැයි නිරීක්ෂණය කිරීමට. පර්යේක්ෂකයින්ගෙන් කොපමණ විරුද්ධවීම් පැමිණියත් එය සිදු කිරීමට තීරණය කෙරුණා .

නැවතත් කාමරය තුලට යැවීමට ඔවුන් සුදානම් කෙරුණා . කාමරයද වඩාත් ආරක්ෂා කාරී ලෙස වෙනස් කෙරුණා. සැමදෙනා පුදුම කරවමින් නැවතත් කාමරයට යන බව දැනගත් සිරකරුවන් කිසිම ලෙස බාධාවක් එල්ල කලේ නැහැ. කාමරයෙන් පිට ව සිටි කල තුලත් ක්සිමලෙස ඔවුන් නිදා ගත්තේ නැහැ . නොනිද සිටීමට ඔවුන් ඉතා අමාරුවෙන් උත්සහ කරන බව සම දෙනාටම පෙනී ගොස් තිබුනා.

නින්ද නොයාමට කෙනෙක් විකෘර්ති ලෙස සින්දුවක් මුමුනමින් සිටියා. හඬ පිට නොවන සිරකරු දැඩි ලෙස දෙපා තම යදම් වලට සිර කර ගෙන සිටියා .අනෙකා ඉතා වේගයෙන් ඇසිපිය ගැසීමෙන් නින්ද පලව හැරීමට උත්සහ කළා . කාමරයට දැමීමට ප්‍රථම ඔවුන්ගේ ශරීර නිරීක්ෂණ කල හැකි ලෙස වයර් සම්බන්ද කරනු ලැබුනා . පළමු සිරකරුගේ එම සංඤා නිරීක්ෂණය කල විට මොලයේ ඉතා සාමාන්‍ය ක්‍රියා කාරිත්වයක් පෙන්නුම් කෙරුණා . එහෙත් එක වරම මොලයේ ක්‍රියාකාරිත්වය නැවතී නැවතත් සාමාන්‍ය ලෙස ක්‍රියා කළා . එක පර්යේක්ෂකයෙක් ගේ නිගමනය වුයේ මොවුන් ගේ මොලය විටින් විට මරණයට පත් ව නැවතත් යතා තත්වයට පත් වන බවයි . ඇසි පිය ගසමින් සිටි මෙම සිරකරුවා එක මොහොතක් ඔහුගේ ඇඳේ කොට්ටය ට හිස තබන බව දුටුවේ එක හෙදියක් පමණයි. එවිටම ඔහිගේ ඇස පියැවුණ අතර උපකරණයෙන් පෙන්නුම් කෙරුනේ ඔහු ගැඹුරු නින්දේ බවයි. එම මොහොතේ ම ඔහුගේ හදවත නැවතුනා ඔහු ද එකවරම මිය ගියා.

කතා කල හැකි එකම සිරකරු එයින් කලබල වී දැඩි ලෙස ඉල්ලා සිටියේ නැවත කාමරය තුලට යවන ලෙසයි. ඔහුද නින්ද යාමට අසන්නයේ සිටි බව පෙනී ගියා. එවිට ප්‍රධානියා අණ ලබා දුන්නේ කාමරය නැවත මුද්‍රා තැබීමටයි. සිරකරුවන් සමග පර්යෙක්ෂකයින් තුන් දෙනෙක්ද කාමරයේ තුල සිටියා. ඔවුන්ද කාමරයේ සිර වීමට නියමිතව තිබුනා. ඒ නිසා ක්ෂනිකයන් ක්‍රියාත්මක උණු එක පර්ය්යෙක්ෂයෙක් ඔහුගේ පිස්තෝලය ගෙන ප්‍රදානියා ගේ නළල හරි මැදට තබා එක වෙඩිල්ලක් තැබුවා . ඔහු එතනම මිය ගියා. ඔහුගේ මීළඟ ඉලක්කය වුයේ කතා කිරීමට නොහැකි සිරකරුයි..


වෙඩිල්ල නිසා එම සිරකරුගේ මොලයද කාමරය පුරා විසිරි ගියා . එක සිරකරුවෙක් පමණයි දැන් ඉතුරු , පිස්තෝලය ඔහුගේ හිසටද එල්ල උනා. “ මම මේ දේවල් එක්ක කාමරේ හිර වෙන්නේ නෑ …. ඔහේ වගේ වෙන්න මට කිසිම උවමනාවක් නැ …” ඔහු සිර කරු වෙත කෑ ගැසුවා …” ඔබ කුමක්ද ?...” “මට අන්තිමට එය පමණයි දන ගැනීමට අවශ්‍ය “.. ඔහු ප්‍රශ්න කරා ..

සිරකරු සිනාසුනා …

“ මේ තරම් ඉක්මනින් ඔබට අමතක ද ? අපි ඔබලාමයි... අපි තමයි හැම දෙනාගේම සිත තුල සිටින පිස්සුව.. හැම මොහොතකම එලියට පනින්න අයද සිටින ඒ වියරුව. හිතේ ගැඹුරුම තැන වල හොල්මන් කරන තිරිසන් හැඟීම.. අපි තමයි ඔබගේ සිතේ රාත්‍රියට හොල්මන් කරන බය.. අපි තමයි ඔබ හැමදාම පණනැති කරන ඒ වියරු සිතුවිල්ල… අපි ඉන්නේ ඔබේ සිත තුලමයි... වාරයක් එන තුරු..”..

පර්යේක්ෂකයා නිරුත්තර උනා .. පිස්තෝලයේ ඉලක්කය සිරකරුගේ හදවත .. තවත් එක වෙඩිල්ලක් .. සිරකරු නිහඩයි .. ඔහුගේ අවසාන ශබ්දය නික්මුනා ..”නි ..ද ..හ ..ස ..” යනුවෙන්...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Chandimal found guilty of changing the condition of the ball | චන්දිමාල්ට තරඟ තහනම පැනවූ පන්දුව පළුදු කිරීම

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News