Citizen.lk
Citizen News Line
 

කොළඹ යාචකයන්ට ඊසි කෑෂ්වලින් වැටුප්, දවසක ආදායම 5000 පනිනවලු

කොළඹ යාචකයන්ට ඊසි කෑෂ්වලින් වැටුප්, දවසක ආදායම 5000 පනිනවලු | Colombo Town Beggars Daily Income
Wed 14 February 2018 9:34 am
985 views

කොළඹ නගරය සහ ඒ අවට සිඟමන් යදින යාචකයන්ට පඩි මුදල් ලබාදෙනු ලබන්නේ ජංගම දුරකථන (ඊෂි කෑෂ්) මඟින් බවට මේ වන විට අනාවරණය වී තිබෙනවා. ඔවුන් දිනකට රුපියල් 1500 සිට 3000 දක්වා වූ මුදලක් සිඟමන් මඟින් උපයා ගන්නා බවයි දැනගන්නට ලැබෙන්නේ.

වංචාකාර පිරිසක් විසින් මෙම යාචකයන් මෙහෙයවන අතර සිඟමන් යදිමින් ඔවුන් එකතු කර ගන්නා මුදල් මැරයෝ පැමිණ රැගෙන යන බවත් පසුව
දිනය අවසානයේදී එම මුදල්වලින් කොටසක් ‘ඊෂි කෑෂ්’ ක්‍රමය මගින් යාචකයන්ට ලැබීමට සලස්වන බවත් දැනගන්නට ලැබෙනවා.

යාචකයන් සතුව වටිනා ජංගම දුරකථන සහ බැංකු ගිණුම් පවතින බවද කොළඹ නගරය තුළ සිදුකළ ගවේෂණයකදී රිවිර පුවත්පත විසින් අනාවරණය කරගෙන තිබෙනවා. රැකියාවක් වශයෙන් හිඟකෑම සිදු නොකරන, ඉතා අන්ත අසරණ යාචකයෝ පිරිසක්ද නගරය පුරා ජීවත් වන බවත්
යාචකයන් ලෙස රැකියාව කරන පුද්ගලයින් දිනකට රුපියල් 5000කට වැඩි මුදලක් තම තැරැව්කරුවන්ට උපයා දෙන බවත් ඔවුන් පවසනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News