Citizen.lk
Citizen News Line
 

රටින් පිට වීම තහණම් - වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රුපියල් ලක්ෂ 10 ක ශරිර ඇප මත නිදහස් කරයි

රටින් පිට වීම තහණම් -  වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රුපියල් ලක්ෂ 10 ක ශරිර ඇප මත නිදහස් කරයි | victor rathnayake wife  Release on bail
Wed 14 February 2018 9:09 am
3,575 views

වෙනත් පාර්ශ්වයක්‌ විසින් තමන් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමෙන්ද්‍රා රත්නායක මහත්මියව දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැරීමට තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා පසුගිය 12 වැනිදා පස්‌වරුවේ නියෝග කළේය.

තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක්‌ අනුව රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද මහෙස්‌ත්‍රාත්වරයා එහිදී පනවනු ලැබීය. එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවටද එහිදී කොන්දේසියක්‌ පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද සැකකාරියට නියෝග කළේය.

එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයෑදුම්පතක්‌ ඉදිරිපත් කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල මහතා කළ කරුණු දැක්‌වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය සැකකාරියව ඇපමත මුදාහරින ලෙසට තංගල්ල මහෙස්‌ත්‍රාත්වරයාට නියෝග කොට තිබුණි. නීතිඥ නිරංජන් ඊරිගොල්ල මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාළ මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ ඔස්‌වල්ඩ් ගෝමස්‌ පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News