Citizen.lk
 

අගමැතිකමේ සහ පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් නෑ - එජාපය තනි ආන්ඩුවකට සැරසෙන ලකුණු

අගමැතිකමේ සහ පක්ෂ නායකත්වයේ  කිසිදු වෙනසක් නෑ  - එජාපය තනි ආන්ඩුවකට සැරසෙන ලකුණු  |  United National Party no changes
Tue 13 February 2018 3:17 pm
2,177 views

එක්සත් ජනතා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් සෑදීම වෙනුවෙන් තම පක්ෂය ඒකමතික තීන්දුවකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

අද (13) අග්‍රාමාත්‍යවරයා ඇතුළු පක්ෂ නායකත්වය සමඟ අරලියගහ මන්දිරයේදී එජාප පාර්ලිමේන්තු කණ්ඩායම පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීන්දුව ගනුලැබූ බවත් ඒ අනුව පිහිටුවනු ලබන ආණ්ඩුව මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂයේ යෝජනා ප්‍රතිපත්ති සහ දැක්ම අනුව කටයුතු කරන්නක් වියයුතු බවට තමන් එජාප නායකත්වයට දැනුම්දුන් බවද එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියි.

ඔවුන් මෙම අදහස් දැක්වීම සිදුකරනු ලැබුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡා ව අවසන් කර මාධ්‍ය අසනු ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.


එහිදී අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුවන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව මාධ්‍ය සිදුකළ විමසීමේදී එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යධුරයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් පළමුව තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව පක්ෂයේ වැඩ කටයුතු සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් අරඹන බවද ඔවුන් පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News