Citizen.lk
 

එජාපය තනි ආණ්ඩුවකට සැරසෙයි - පොහොට්ටුව මැතිවරණයක් ඉල්ලයි

එජාපය තනි ආණ්ඩුවකට සැරසෙයි - පොහොට්ටුව මැතිවරණයක් ඉල්ලයි | unp slpp
Mon 12 February 2018 10:53 am
7,525 views

 

 


එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව ලැබී ඇතැයි වාර්තා වෙනවා.


ඊයේ (11දා) රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී ජනාධිපතිවරයා මෙම එකඟතාවට පැමිණ ඇත.


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලින් සමන්විත එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් වහාම නිර්මාණය කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ අමාත්‍යවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ(11දා) පස්වරුවේදී දැනුම්දී තිබිණි.


එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය එක්ව තවදුරටත් ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බවත්, එබැවින් වහාම එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් නිර්මාණය කරන ලෙසත් අමාත්‍යවරුන් විසින් මෙහිදී ඉල්ලා ඇත.


එය එක්සත් ජාතික පක්‍ෂයේ දැක්මක් සහ ආර්ථික ප්‍රතිපත්තිවලින් සමන්විත ආණ්ඩුවක් විය යුතු බවද මෙහිදී අමාත්‍යවරුන් අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කර තිබේ.

මේ අතර, පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.

පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද "අස්ථාවරභාවයක්" මතු වී තිබෙන බැවින් "මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ," යනුවෙන් ද පවසා ඇත.


2018 පළාත් පාලන මැතිවරණයේ බලය අත්පත් කරගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබුණු පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන 239 ක බලය අත්කරගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයට පළාත් පාලන ආයතන 41 ක බලය හිමිවූ අතර දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 34 ක බලය අත්පත් කරගත්තේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ සමග එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යන දෙපාර්ශ්වයටම එක්ව බලය ලබාගත හැකිවූයේ පළාත් පාලන ආයතන 10 ක පමණි

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News