Citizen.lk
 

ජයග්‍රහණය ලැබුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන තීරණාත්මකයි

ජයග්‍රහණය ලැබුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන තීරණාත්මකයි | reject vote elected
Sat 10 February 2018 2:26 pm
6,974 views

 

පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් 62ක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලය තුළ කටයුතු කර ඇති නිසා ඔවුන් වැරැදිකරුවන් වුවහොත් දණ්ඩ නීති සංග්‍රහයට අනුව එම වරදට හිමි දඬුවම වන්නේ වසර හතක ඡන්ද අයිතිය අහිමිවීම සහ එම ඡන්ද අපේක්ෂකයාට හිමි ආසනය අහිමිවීම වෙයි.

අත්අඩංගුවට ගත් අපේක්ෂකයන් 62ක් සම්බන්ධයෙන් මේ වන විට නඩු විභාග වෙයි. එම අපේක්ෂකයන් එම වැරැදි සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට පැමිණවීමෙන් පසු ඇප ලබා සිටින අය වෙති. මේ 62 දෙනා අතරින් දෙදෙනෙක් තවමත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටිති‍.

එමෙන්ම පසුගිය දෙසැම්බර් 09 වැනි දින සිට මේ දක්වා පොලිස් මූලස්ථානයට වාර්තා වු මැතිවරණ පනත උල්ලංඝනය කිරීම් 191ක් සහ මැතිවරණ පැමිණිලි 640ක් සමඟ පැමිණිලි 831ක් වාර්තා වී ඇත.

මෙසේ අවදානම් තත්ත්වයේ ඇති අපේක්ෂකයන් ප්‍රධාන පක්ෂ ඇතුළු පක්ෂ කිහිපයකටම අයත් අයවලුන් වෙති.

Latest News

You may also like

Latest Videos

Hot Video

Cricket's Match Fixers - Al Jazeera Investigations | අල් ජසීරා හෙළිකළ ශ්‍රී ලංකා ක්‍රිකට් මුදලට තරඟ පවාදීමේ ඇතුලාන්තය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News