Citizen.lk
 

Hellmann සහ MAS එක්වී තවත් දැවැන්ත වැඩකට මුලපුරයි

Hellmann සහ MAS එක්වී තවත් දැවැන්ත වැඩකට මුලපුරයි | Hellmann and MAS joint
Tue 30 January 2018 12:57 pm
5,338 views

Hellmann Worldwide Logistics (HWL) සහ MAS Holdings සමාගම් වල හවුල් ව්‍යාපාරයක් ලෙස මෑතකදී Hellmann MAS Supply Chain (HMSC) නමින් නව සමාගමක් ආරම්භ කරන ලදි. මේ යටතේ Hellman සමාගමේ කොන්ත‍්‍රාත් කාර්ය සම්පාදන සේවා සහ MAS සමාගමේ අභ්‍යන්තර කාර්ය සම්පාදන ක‍්‍රියාකාරකම් ඒකාබද්ධ කෙරේ.

නව හවුල් ව්‍යාපාරයේ ආරම්භයත් සමග HWL සමාගම දැනට ශ‍්‍රී ලංකාව තුළ පවත්වාගෙන යන ව්‍යපාර කටයුතු මූලික වශයෙන් ගුවන් සහ නැව් භාණ්ඩ ප‍්‍රවාහන සේවා ඒකකයක් බවට පරිවර්තනය වන අතර, නව ව්‍යාපාරය මගින් ශ‍්‍රී ලංකාවට කොන්ත‍්‍රාත් කාර්ය සම්පාදන සේවා (Contract logistics) සහ සිව්වැනි පාර්ශව කාර්ය සම්පාදන සේවා (Fourth Party Logistics - 4PL) සැපයෙනු ඇත.

මීට අමතරව කටුනායක අපනයන ප‍්‍රවර්ධන කලාපයේ පිහිටි MAS කර්මාන්තශාලා පරිශ‍්‍රය තුළ ඇඟලූම් කාර්ය සම්පාදන මධ්‍යස්ථානයක් (Fashion logistics facility) ආරම්භ කෙරේ. මේ යටතේ ජාත්‍යන්තර විලාසිතා සන්නාම සඳහා ප‍්‍රධාන කාර්ය සම්පාදනය කේන්ද්‍රයක් බවට ශ‍්‍රී ලංකාව පත්කරමින් සහ අගය එකතු කළ සේවාවන් සහ විද්‍යුත් වාණිජ සේවාවන් ජාලයක් නිර්මාණය කරමින් මෙරට තුළ Pull Model සැපයුම් දාමයක් ස්ථාපිත කිරීම සමාගමේ ඉලක්කය වී ඇත. එමෙන්ම HSMC මගින් MAS සමාගම සඳහා ගුවන් මගින් පැමිණෙන සැපයුම් ප‍්‍රසම්පාදනය සහ සම්බන්ධීකරණය කිරීමද සිදුවේ.

ආරම්භයේ සිටම MAS සමාගමට මෙන්ම Hellman සමාගමේ දැනට සිටින පාරිභෝගිකයන්ට සේවා සැලසීමට HSMC සමාගම කටයුතු කරනු ඇත. HSMC මගින් ගබඩා සේවාවන්ට අමතර අගය එකතු කළ සේවාවන් වන නැවත ඇසුරුම් කිරීම, ලේබල් කිරීම, අනුපාත අනුව ඇසුරුම් කිරීම මෙන්ම 4PL කාර්ය සම්පාදන සේවාවන් ශ‍්‍රී ලංකාවේ අනෙකුත් පාරිභෝගිකයන් වෙතද ලබාදීමට නියමිත වේ.

මේ සම්බන්ධයෙන් Hellmann Middle East & South Asia (MESA) සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී මාධව් කුරප් මහතා අදහස් පළකළේ මෙසේ ය. ‘‘එකම ආකාරයට, පවුල් හිමිකාරීත්වය යටතේ පවතින (Family-owned) සමාගම් දෙකක් පොදු අරමුණක් සඳහා එක්වීම සම්බන්ධයෙන් හොඳ උදාහරණයක් ලෙස මෙම හවුල් ව්‍යාපාරය පෙන්වා දීමට පුළුවන්. මෙමගින් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම තලයේ කාර්ය සම්පාදන සහ 4PL සේවා ලබාදීමට අපේක්ෂා කෙරෙනවා. මෙය Push
Model සැපයුම් දාමයක සිට Pull Model දාමයක් බවට පත්වීමක් නිසා මෙය අපට ජාත්‍යන්තර ඇඟලූම් කාර්ය සම්පාදන ක්ෂේත‍්‍රය තුළ පුරෝගාමියෙකු බවට පත්වීමට අවස්ථාව සලසා දේවි. MAS සමාගම සතු පිළිගැනීම සහ Hellman සමාගමේ ජාත්‍යන්තර පළපුරුද්ද සහ ක‍්‍රමවේදයන් සමගින් මෙම නව හවුල් ව්‍යාපාරය වෙළඳපොළ ජයගනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”


MAS සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ශිරේන්ද්‍ර ලෝරන්ස් මහතා මෙසේ අදහස් දැක්වී ය. ‘‘සාම්ප‍්‍රදායික සීමාවන් ඉක්මවා යමින් අපගේ සේවාවන් පුළුල් කිරීම සඳහා ලොව ප‍්‍රමුඛ පෙළේ සමාගම් සමග අත්වැල් බැඳගැනීමට අප සෑම විටම උත්සහ කරනවා. Hellman සමාගම සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය මගින් අපට ගබඩා සේවා, අගය එකතු කළ සේවාවන් මෙන්ම 4PL කාර්ය සම්පාදන සේවාවන් ලබාදීමේ අවස්ථාව ලැබෙන නිසා මා මෙය දකින්නේ ඉතාමත් කාලීන පියවරක් ලෙසයි.”

Hellman සහ MAS පිළිබඳව
1871 වසරේ ආරම්භ වූ Hellmann Worldwide Logistics සමාගම මේ වනවිට ලොව විශාලතම කාර්ය සම්පාදන සේවා සමාගමක් බවට පත්වී ඇත. ලොව රටවල් 162 ක එහි ශාඛා 437 ක් පිහිටුවා ඇති අතර 19,500 කට අධික පිරිසක් එහි සේවය කරති. 2016 වසරේදී එම සමූහ ව්‍යාපාරය සිදුකළ ගනුදෙනු වල වටිනාකම යූරෝ බිලියන 3 කට ආසන්න ය. ට‍්‍රක් රථ, දුම්රිය, ගුවන් යානා සහ නැව් මගින් භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම මෙන්ම CEP සේවා, කොන්ත‍්‍රාත් කාර්ය සම්පාදන සේවා, කාර්මික විසඳුම් සහ තොරතුරු තාක්ෂණ විසඳුම් වැනි සේවාවන් රාශියක්ද එම සමාගම මගින් සපයනු ලැබේ.

1987 වසරේදී මහේෂ්, අජේ සහ ශරාඞ් අමලීන් විසින් MAS සමාගම ආරම්භ කරමින් දකුණු ආසියානු කලාපයේ යටඇඳුම් නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කරන ලදි. මේ වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 1.75 කට අධික වාර්ෂික ආදායමක් උපයන එය ලොව ඇඟලූම් ක්ෂේත‍්‍රයේ සුප‍්‍රකට සමාගමක් ලෙස සැලකේ. දකුණු ආසියාවේ විශාලතම ඇඟලූම් හා රෙදිපිළි නිෂ්පාදන සමාගමද වන MAS සමාගමේ ප‍්‍රධාන කාර්යාලය ශ‍්‍රී ලංකාවේ පිහිටා ඇති අතර රටවල් 17 ක කර්මාන්තශාලා 53 ක සේවක සේවිකාවෝ 90,000 කට අධික පිරිසක් එහි සේවය කරති.
ලොව පුරා විලාසිතා සම්බන්ධ ප‍්‍රමුඛ පෙළේ රටවල් රැසකට MAS මගින් සේවා සැලසේ. එහි ඒකාබද්ධ සැපයුම් ජාලය සහ ක‍්‍රමෝපායික ලෙස ස්ථාපිත කරන ලද කර්මාන්තශාලා ආදිය නිසා ඉල්ලූමට සරිලන සැපයුමක් කාර්යක්ෂම ලෙස ලබාදීමේ හැකියාව එම සමාගමට ලැබී ඇත. එමෙන්ම සමාගමේ ආචාරධාර්මික සහ තිරසාර රැකියා පරිසරයද විශාල වශයෙන් ජනප‍්‍රිය වී ඇති අතර කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සමාගම දරන උත්සාහය ලොව පුරා ඇගයීමට ලක්වී තිබේ. නිර්මාණශීලීත්වය, විශිෂ්ටත්වය හඹා යාම සහ ලොව විශිෂ්ටතම ක‍්‍රමවේද භාවිතය වැනි හේතු නිසා MAS සමූහය දැවැන්ත ව්‍යාපාරයක් බවට වර්ධනය වී ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News