Citizen.lk
 

තරු වලට යළි යළි බබලන්න OPPO සමග දෙරණ චැම්පියන් ස්ටාර්ස් - Photos

තරු වලට යළි යළි බබලන්න OPPO සමග දෙරණ චැම්පියන් ස්ටාර්ස් - Photos | OPPO - Tv derana champion  Stars
Sat 20 January 2018 8:45 am
1,325 views

මෙරට තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන OPPO, ''දෙරණ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ්'' රියැලිටි වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වී සිටී. මෙම වැඩසටහන විවිධ ''ටීවී දෙරණ'' වැඩසටහන් ඔස්සේ ඉදිරියට පැමිණි‚ මෙරට දක්ෂතා සපිරි තරුණ තරු‚යන්ට තම දක්ෂතා තවදුරටත් විදහා දැක්වීම සඳහා අගනා අවස්ථාවක් උදාකර දෙන වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද ක්ෂේත්‍රයට මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයටද නැවුම් සංකල්පයක් හඳුන්වා දුන් මෙම වැඩසටහන දැනටමත් විශාල රසික ප්‍රසාදයක් හිමිකර ගැනීමට සමත් වී ඇත.

''කවදත් තරුණ පරපුර කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන සන්නාමයක් වන OPPO ලොව පුරා තරුණ තරුණියන්ගේ නිර්මාණශීලීත්වය අවදි කිරීමට අත්වැලක් වීමට සෑමවිටම සූදානමින් සිටිනවා.

මේ සඳහා ප්‍රාසාංගික කලාවන් සහ විනෝදාස්වාද ක්ෂේත්‍රය වෙතින් ලැබෙන්නේ විශාල පිටිවහලක්. එම නිසා 'දෙරණ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ් වැඩසටහනට මෙසේ අනුග්‍රාහක දායකත්වය ලබාදීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසී ය.

''දෙරණ ටීවී නාලිකාවේ විවිධ වැඩසටහන් ඔස්සේ ඉදිරියට පැමිණි‚ තරුණ තරු‚යන්ට තම දක්ෂතා තවදුරටත් රටට ප්‍රදර්ශනය කිරීම සඳහා අවස්ථාවක් ලබාදීමට 'දෙරණ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ්' රියැලිටි වැඩසටහන හඳුන්වා දී තිබෙනවා. එමෙන්ම දැනටමත් තරු ලෙස රසික ජනප්‍රියත්වය දිනූ තරුණ තරුණියන්ට ඉතාමත් සුහදශීලී සහ උත්කර්ෂවත් පසුබිමක් තුළ නවකයන් සමග එකම වේදිකාවක දක්ෂතා දැක්වීමට මෙහිදී අවස්ථාව ලැබීම විශේෂත්වයක්.

මෙම වැඩසටහන, ඊට සහභාගී වන අය සහ නරඹන්නන් ඇතුළු සියලූම දෙනාට සුවිශේෂී අත්දැකීම් පෙළක් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. දෙරණ ටීවී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා පැවසී ය.

''දෙරණ නාලිකාව කවදත් මෙරට තරුණ පරපුරට තම දක්ෂතා ඔස්සේ ඉදිරියට පැමිණීම සඳහා විවිධ මාවත් විවර කරදෙන රූපවාහිනී නාලිකාවක්. එම අරමුණ වෙනුවෙන්ම හඳුන්වා දෙන ලද ''දෙරණ චැම්පියන් ස්ටාර්ස් අන්ලිමිටඩ්' වැනි වැඩසටහනට තාරුණ්‍යයේ හදගැස්ම හොඳින් හඳුනන OPPO වැනි සන්නාමයක අනුග්‍රාහකත්වය ලැබීම ගැන අප බෙහෙවින් සතුටු වනවා'' මඩවල මහතා තව දුරටටත් පැවසී ය.

'Selfie Expert' ලෙස තරුණ පරපුර අතර ජනප්‍රිය වී ඇති OPPO මෑතකදී සිය නවතම ප්‍රධාන මාදිලි පෙළ වන, FHD තාක්ෂණය Full Screen තිරය සහිත F5 දුරකථන මෙරට හඳුන්වා දීමටද කටයුතු කළේ ය. මෙම දුරකථන වල ඇතුළත් පුරෝගාමී A. I Beauty තාක්ෂණය, ජාත්‍යන්තර දත්ත ගබඩාවක් ඇසුරින් මිනිස් මුහුණුවල හැඩය, සමේ ස්වභාවය, ස්ත්‍රී පුරුෂ භාවය, වයස වැනි සාධක රාශියක් හඳුනා ගනිමින් ඒ අනුව ඡායාරූප වඩාත් අලංකාර කිරීමේ හැකියාවෙන් යුක්ත ය. කෙටි කාලයක් තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වූ OPPO මේ වනවිට දිවයින පුරාම ප්‍රදර්ශනාගාර හා සේවා මධ්‍යස්ථාන විවෘත කර තිබේ.


OPPO පිළිබඳව
කාලයේ තලයට වෙනස් වෙමින් දිනෙන් දින දියුණුව කරා යන ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන OPPO නිර්මාණශීලී තාක්ෂණය, අලංකාර නිමාව සහ විශිෂ්ට තලයේ කැමරා යනාදිය සහිත ස්මාර්ට් දුරකථන නිරන්තරයෙන් සිය පාරිභෝගිකයන් වෙත තිළිණ කරයි.

ජංගම දුරකථනවල එන ඡායාරූප තාක්ෂණය සම්බන්ධ පෙරළිකාරී සොයාගැනීම් සිදුකරමින් කැමරා දුරකථන නිෂ්පාදනය කිරීම සඳහා පසුගිය වසර 10 ක කාලය තිස්සේ OPPO සමාගමේ අවධානය යොමුවිය. 16MP ඉදිරිපස කැමරා සහිත දුරකථන හඳුන්වා දෙමින් සෙල්ෆි යුගය ආරම්භ කරන ලද්දේද OPPO විසිනි. එමෙන්ම යාන්ත්‍රික භ්‍රමණ කැමරාව, Ultra HD විශේෂාංග සහ 5x Dual Camera Zoom තාක්ෂණය යනාදිය ප්‍රථම වරට හඳුන්වාදුන් සන්නාමය වන්නේද OPPO ය.

තරුණ පරපුර සහ එහි හැසිරීම් රටාවන් සම්බන්ධ පුළුල් අවබෝධය සමගින් සෙල්ෆි කෙරෙහි වැඩි අවධානයක් සහිතSelfie Expert F දුරකථන මාලාව දකුණු ආසියාවට සහ අනෙකුත් වෙළඳපොළවලට හඳුන්වා දීමට ධඡඡධ 2015 වසරේදී කටයුතු කළේ ය. එහි ප්‍රථම දුරකථන පෙළට විශාල ප්‍රතිචාරයක් ලැබුණු අතර එය දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමී සම්ප්‍රදායක් බිහිකිරීමට සමත් විය. 2016 වසරේදී IDC විසින් OPPO ලොව අංක 4 ස්මාර්ට් දුරකථන සන්නාමය ලෙස ශ්‍රේණිගත කළේ ය. මේ වනවිට OPPO දිනෙන් දින වැඩි වැඩියෙන් ලොව පුරා තරුණ තරුණියන්ගේ ආදරය හා ආකර්ෂණය දිනාගන්නා කැමරා දුරකථන සන්නාමයක් බවට පත්වී ඇත.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News