Citizen.lk
 

එල්.ටී.ටී.ඊ. රත්තරං කැණීම් කටයුතු අධිකරන නියොගයකින් නවතා දමයි - Photos - Update

එල්.ටී.ටී.ඊ. රත්තරං කැණීම් කටයුතු අධිකරන නියොගයකින් නවතා දමයි - Photos - Update | LTTE gold
Thu 18 January 2018 11:15 am
13,450 views

මුලතිව් මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ එල්.ටී.ටී.සංවිධානය විසින් වළ දමා ඇති බවට ලබුණු තොරතුරක් මත තෝරා ගත් භුමියක් තුළ සිදු කරණු ලබන කැණීම් කටයුතු නවතා දන ලෙස මුලතිව් දිසා විනිසුරු ලෙනින් කුමාර් මහතා 18 දා නියෝග කොට තිබේ.

දිසා විනිසුරුවරයා මේසේ නියෝග කොට ඇත්තේ පොලීසිය විසින් අධිකරනයට දක්වන ලද කරුණු දෙකක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.

මේම ස්ථානයේ හාරමින් සිටි  වළට ජලය ගලාගෙන විත් එය ළිදක් බවට පත් වීම නිසා පැන නැගී අති අපහසුතවයත්,එම වළ අඩි විසි එකහමාරක් ගැඹුරට හාරන ලද නමුත් ඒ තුළින් රත්තරන් හමුවන බවට විශ්වාසයක් නැති බව පොලීසිය අධිකරනයට පෙන්වා දී ඇත.

මේම ස්ථානයට මතු ආරක්ෂාවක් යෙදීම අනව්ශ්‍ය බවට තීන්දුවක් දී ඇති විනිසුරුවරයා හාරන ලද යළි වසා දමන ලෙසද පොලීසියට නියෝග කොට තිබේ.

 

 

 ---------------------------------------------

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ භූමියකින් එල්.ටී.ටී.ඊ.රත්තරන් සොයමින් ආරක්ෂක අංශ විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන හාරන ලද වළට ජලය ගලාගෙන එන්නට පටන්ගැනීම නිසා ආරක්ෂක අංශ නිලධාරීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති.

ජනවාරි 17 වෙනිදා දහවල් මෙම කැණීමේ කටයුතු මුලතිව් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත ආරම්භ කරණ ලද්දේ යුද්ධයේ අවසන් දින කීපයේදී එල්.ටී.ටී,ඊ.සාමාජිකයින් විසින් ඔවුන් බාරයේ තිබූ විශාල රත්තරන් තොගයක් මෙම ස්ථානයේ වළ දමන ලද බවට අත් අඩංගුවට පත් වූ එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද තොරතුරකට අනුවයි.


හෑරීමේ කටයුතු කරගෙන යන අතර තුර එම වළට ජලය ගලා එමින් එය ළිදක් බවට පත්ව ඇතත් එම ස්ථානයේ කැනීම් කටයුතු නතර කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් අපහසුකම් මධ්යයේ හෝ කැණීම් කටයුතු කරගෙන යන බව මුලතිව් පොලීසියේ නිලධාරීන් කියා සිටියා.
මුලතිව් දිසා විනිසුරු ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී මෙම රත්තරන් සෙවීමේ කටයුතු සිදුවන අතර ඊට මුලතිව් දිස්ත්රික්කයේ සිටින සෑම ආරක්ෂක අංශයකම නිලධාරීහු සහභාගි වී සිටිති.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News