Citizen.lk
 

ජනප්‍රිය ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගැනීමට නියොග

ජනප්‍රිය ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගැනීමට නියොග | rajive sebastians
Wed 17 January 2018 1:33 pm
4,099 views

 

පසුගිය දිනක රෝගාතුරව රොහල් ගත වී සිටි ජනප්‍රිය ගායක රජීව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාරවිල මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු කේමින්ද පෙරේරා තලංගම පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.

සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට රජීව් සෙබස්තියන්ට එරෙහිව වෙන්නප්පුව පොලීසිය අධිකරණයට දැක්වූ කරුණු සැළකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙන්නප්පුව හෝටල් පරිශ්‍රයකදී 2017 වසරේ අගෝස්තු මස 04 වැනි දා “සරඹ” නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සඳහා ප්‍රවීණ ගායක ගායිකාවන් වන සුනිල් පෙරේරා, ඇනස්ලි මාලවන සහ ඩෙස්මන් සිල්වා ද සහභාගි කරවන බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ තුනක අත්තිකාරම් මුදලක් ලබාගෙන එම සංගීත ප්‍රසංගය පැවැත්වීම පැහැරහැරිය බවට එම ප්‍රසංගයේ සංවිධායකවරයෙකු පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

මෙම මුදල ආපසු ලබා දීම සඳහා රජීව් සෙබස්තියන් විසින් චෙක්පතක් ලබාගෙන ඇතත් එය අගරු වී ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News