Citizen.lk
 

බොහෝ රටවල තහනම් කොට ඇති කිලිනොච්චියේ මේ දිනවල පැවැත්වෙන ජල්ලි කට්ටු ක්‍රීඩාව

බොහෝ රටවල තහනම් කොට ඇති කිලිනොච්චියේ මේ දිනවල පැවැත්වෙන ජල්ලි කට්ටු ක්‍රීඩාව | jalli kattuwa
Wed 17 January 2018 9:02 am
6,514 views

 

ජල්ලි කට්ටු ක්‍රීඩාව 16 වෙනිදා කිලිනොච්චියේදී ආරම්භ වීමත් සමගම ඊට බොහෝ දෙනෙකු විරෝධය පල කරන්නට පටන් ගෙන ඇත. ජල්ලි කට්ටු ක්‍රීඩාව යනු ගවයින් සමග පිරිසක් එකතුවී මුදල් ඔට්ටු අල්ලමින් කරණු ලබන ක්‍රීඩාවකි.

දකුණු ඉන්දියාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාව ඉතා ජනප්‍රිය වුවත් සත්ව හිංසාව මෙමගින් සිදුවන බවටයි ඇතැමුන් පවසන්නේ. මෙම ක්‍රීඩාවේදී වරක ගවයා බිම ඇද වැටීමෙන් මිය යාම හෝ තුවාල ලැබීම සිදු විය හැකි අතර ඊට වඩා සිදුවන්නේ ගවයා හඹා යමින් ජල්ලි කට්ටු ක්‍රීඩාවේ යෙදෙන පුද්ගලයින් තුවාලලැබීම හෝ මිය යාමයි.

දිව යන ගවයාට පෑගී හෝ ගවයා පසුපස දිවීම නිසා බිම ඇදවැටෙන පිරිස ඊට වඩා විශාලය .
මේ නිසා ජල්ලි කට්ටු ක්‍රීඩාව බොහෝ රටවල තහනම් කොට ඇති ක්‍රීඩාවකි.
ගවයාගේ අං වලට වැදීම නිසා ගවයා පසුපස එළවන පිරිසගේ ඇස් වලට අනතුරු සිදුවීම ඉතා බහුල ලෙස සිදුවන්නකි. ශ්‍රී ලංකාවේ ජල්ලි කට්ටු ක්‍රීඩාව තහනම් නැතත් මුදලට ඔට්ටු අල්ලා ජල්ලි කට්ටු ක්‍රීඩාවන් පැවැත්වීම තහනම්ය. කිළිනොච්චියේ විශාල පිරිසක් ජල්ලි කට්ටු ක්‍රීඩාවට විරෝධය පල කොට ඇත්තේ තරුණයින් සූදුවට ඇබ්බැහි වීමත් නිකරුණේ තුවාල සිදු කරගැනීම හෝ මරණයට පත් වීම සිදු විය හැකි නිසාය.

කිළිනොච්චියේ වැසියෝ පවසන්නේ තෛපොංගල් සමය නිසා මේ දින කීපය ඊට ඉඩ දෙන නමුත් ජල්ලි කට්ටු ක්‍රීඩාව දිගටම සිදුවන්නේ නම් ඒ පිළිබදව බලධාරීන් දැණුවත් කොට ජල්ලි කට්ටු ක්‍රීඩාව කිළිනොච්චියේ තවදුරටත් පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බවය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News