Citizen.lk
Citizen News Line
 

ලංකාවෙන් වඳ වී ගිය මිථ්‍යා මත බොහෝ ඇති ගවරා ගේ ඇත්ත කතාව

ලංකාවෙන් වඳ වී ගිය මිථ්‍යා මත බොහෝ ඇති ගවරා ගේ ඇත්ත කතාව | gauras
Tue 16 January 2018 10:17 am
11,494 views

 

ගවර් නැමැති ව්‍යවහාරික නාමයෙනුත් Bos gaurus නැමැති විද්‍යාත්මක නාමයෙනුත් හඳුන්වන්නෙ තද කළු පැහැ සමකින් යුත් බොවිනේ කුලයට අයත් සත්වයෙක්. බොවිනේ කුලය යනු ගවයන්, මීගවයන්, යැක් ගවයන් ආදිය අයත් වර්ගීකරණය. බොවිනේ සාමාජිකයන් අතරින් වඩාත් විශාලම සාමාජිකයන් වන්නෙ ගවරා. එමෙන්ම ගොඩබිම ජීවත්වන සතුන් අතරින් බරින් වැඩිම සත්ව විශේෂයක්. දකුණු ආසියාව තමයි මේ සත්වයන්ගෙ නිජබිම. වර්තමානයේදි ඉන්දියාව සහ අවට කලාපයෙ ගවරුන් ජීවත්ව සිටියත් ලංකාවේ ඔවුන් දක්නට නෑ.

1962 වර්ශයේදි පෝල් ඊ පීරිස් දැරණියගල මහත්මා විසින් අස්ථි කොටස් පර්යේෂණයට ලක් කිරීමෙන් අනතුරුව ලංකාවට ආවේණික ගවරුන් විශේෂයක් ජීවත්ව සිටි බවට ප්‍රථම වතාවට තහවුරු කරනවා. ලංකාවට ආවේණික වඳව ගිය මෙම ගවරුන් විශේෂය වර්තමානයේදි ඉන්දියාවේ ජීවත්වන ගවර විශේෂයට වඩා ප්‍රමාණයෙන් කුඩා විශේෂයක්.


‍‍ඓතිහාසික සටහන් සහ ඇතැම් ග්‍රාම්‍ය ව්‍යවහාර, නාම ආදිය ලංකාවේ ජීවත්ව සිටි ගවරුන් ගැන ඉතිරිව ඇති සාක්ෂි. ගවරම්මන, ගවර එලිය, ගවර විල මෙන්ම ගවරමාන නැමැති පඳුරු විශේෂය (Garnotia exaristata) එවන් ඇතැම් ව්‍යවහාර නාම.

ගවරුන් ගැන පැරණිතම සටහනක් වන්නෙ 1681 වර්ශයේදි රොබට් නොක්ස් විසින් තම An historical relation of Ceylon ග්‍රන්ථය‍ෙ තැබු සටහනක්. ඉන්පසුව 1812 දි ජෝන් ඩොයිලි, මේජර් ෆෝබ්ස් විසින් eleven years in ceylon ග්‍රනථයෙන් 1840 දි, ජේම්ස් එමර්සන් ටෙනට් විසින් Historical and Topographical 1859 ආදියෙ දිගින් දිගටම සටහන් වෙනවා.

එමෙන්ම එකල කාය ශක්තිය විදහා දැක්වීම පිණිස ගවරුන් හා සටනට පිවීසිම සම්ප්‍රදායක්ව තිබු බවට සාක්ෂි පවතිනවා. ගවරුන් හා සටන් කර ජයග්‍රහණය කරන්නන් රජුගෙ ආරක්ෂකයින් ලෙස තෝරාපත් කරගත් ක්‍රමයක් එකල තිබු බවට තොරතුරු පවතිනවා.

රත්නපුර ප්‍රදේශය‍ෙන් ගවරුන්ගෙ අස්ථි සහ දන්ත කොටස් ලැබී තිබුණත් දැරණියගල මහත්මා විසින් 1962 වර්ශයේදි ගවර කපාලයක් සොයාගැනිම නිසා ලංකාවේ ගවරුන් වෙනම විශේෂයක් බවට හඳුනා ගැනුනා. ඔවුන්ට ලබා දී ඇති විද්‍යාත්මක නාමය Bibos sinhaleyus. මෙලෙස ලැබී ඇති සියළු සාක්ෂි මඟින් උපකල්පනය කල හැක්කේ ලංකාවේ ගවරුන් මධ්‍ය කඳුකරය සිය වාසභූමිය කරගෙන සිටි බවයි.

අදික දඩයමට ලක්වීමත්, බ්‍රිතාන්‍යන් විසින් මධ්‍ය කඳුකරයට සිදුකල විනාශත් නිසා මේ සත්වයන් මිහිමතින් වඳව ගොස් හමාරයි. තව එක් උපකල්පනයක් පවතිනවා ලංකාවෙ ගවරුන් වඳ වීමට හේතුව ගෘහාශ්‍රිත ගවයන්ගෙන් බෝ වුන රෝගයක් හේතුවෙන් බව. එය පිලිගත හැකි කරුණක්. ඉන්දියාවේ වත්මන් ගවර විශේෂයටත් අවස්ථා කිහිපයකදි එලෙස රෝග සංක්‍රමණය වීම නිසා ගහණය අවම වුනා.

මිථ්‍යා මත
1. ගවරුන් මස් ඉරන් කනවා.
බයිලනේ. හරක් කොහෙද මස් ඉරන් කන්නෙ. බොවිනේ කුලයේ සාමාජිකයන් එහෙම මස් කන්නෙ නෑ. ඔවුන් ශාඛ භක්ෂකයන්.
2. ගවරා දුම් පිටකරනවා.
නෑනේ, ඔය කියන්නෙ ඒ කාලේ අතින් පයින් එකතු කරපු කෑලි. මධ්‍ය කඳුකරේ සීතලට ගවරු නෙවේ අපිත් දුම් පිට කරනවා. ඝණිභවනය වන ජල වාශ්ප.
3. ගවරගෙ පිටේ නහරයක් යනවා.
නහරයක් නෙවේ, ඔය කියන්නෙ කොඳු ඇට පෙලේ නෙරීම්. ඔය කතාවට හේතුව නොක්ස්ගෙ පොතේ එන විස්තරේදි ඉංග්‍රීසියෙන් කියනවා "His back stands up with a sharp ridge" කියලා. ඕක පිට මැද්දෙ යන නහරයක් කියලා තමයි සිංහලට කන්වර්ට් වෙන්නෙ.

මේ මිත්‍යා කතා එන්න හේතුව අපේ ආදිතමයො තම කාය ශක්තියට අතිශයෝක්තිය එක් කිරීම. හැබැයි එහෙම කියලා මී මුත්තලගෙ කාය ශක්තිය අවතක්සේරු කරන්නත් එපා. හේතුව ටෙස්ටොස්ටෙරෝන් බූස්ට් එහෙක ඉන්න ගවරෙක් සමඟ ගැටෙන එක සාමාන්‍ය මනුස්සයෙක්ට කරන්න බැරි දෙයක්. ඒක හරියට ලොරියක් චැලියකින් නවත්තන්න උත්සහ ගැනීම වගේ.


සුපුන් ජයවීර

Latest News

You may also like

Latest Videos

Hot Video

Bangladesh vs Sri Lanka Highlights 2nd T20 2018 | සිංහයින්ගේ සුපුරුදු දඩයමෙන් බංගලියන් පරාජය කර තරඟාවලිය ජයගත් හැටි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News