Citizen.lk
 

මාගම්පුර වාරායේ සේවකයින් 11 දෙනාම අසාධ්‍ය තත්වයේ රෝහල් ගත කරයි

මාගම්පුර වාරායේ සේවකයින් 11 දෙනාම අසාධ්‍ය තත්වයේ රෝහල් ගත කරයි | hambantota
Sat 13 January 2018 4:19 pm
813 views

 

හම්බන්තොට මාගම්පුර ජාත්‍යන්තර වරායේ මාරාන්තික උපවාසයේ යෙදුනු සේවකයින් 11 දෙනාම අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා මේ වන විට රෝහලට ඇතුළත් කර තිබෙනවා .

අදාළ සේවකයින් 11 දෙන විසින් පසුගිය 09 වනදා සිට මෙම මාරාන්තික උපවාසයේ යෙදුනු අතර අවස්ථා කීපයකදී උපවාස කරුවන් කීප දෙනෙකු හම්බන්තොට රෝහලට ඇතුලත් කළ අතර ඉන් ඉතිරිව සිටි අනෙක් සේවකයින් තිදෙනාද අද (13)පෙරවරුවේ අසාධ්‍ය තත්වයේ පසු වූ හෙයින් හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කළ අතර ඒ සමගම මෙම මාරාන්තික උපවාසය නොකඩවා ගෙන යාම සදහා තවත් සේවකයින් 11 දෙනෙකු මෙම මාරාන්තික උපවාසයට එක් වී ඇත. ඒ අතර සේවිකාවන් දෙදෙනෙකුද වෙනවා.

කෙසේනමුත් මාගම්පුර වාරයේ සේවයෙන් ඉවත් කෙරුණු සේවකයින් 438 දෙනා නැවත වරයා අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (12) දිනයේ තිස්සමහාරාමයේදී ජනාධිපති වරයා හට සන්දේශයක් බාර දුන් බවත් ,අමත්‍ය මහින්ද අමරවීර මහතා සහ තවත් ඇමති වරුන් කීපදෙනෙකු ඒ සම්බන්ධයෙන් කඩිනම් විසදුමක් ලබා දීමට පොරොන්දු වූ හෙයින් ඒ ගැන විශ්වාස තබන බවත් තමන් හට ලිඛ්ත පොරොන්දුවක් දෙන තුරු මෙම මාරාන්තික උපවාසය පවත්වන බවත් හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමය ප්‍රකාශ කලා.

Latest News

You may also like

Latest Videos

( 10 views)

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News