Citizen.lk
Citizen News Line
 

බහාලුම් දෙකක සඟවාගෙන ආ කෝටි හතරහමාරක බීඩි තොගය

බහාලුම් දෙකක සඟවාගෙන ආ කෝටි හතරහමාරක බීඩි තොගය | colombo port
Fri 12 January 2018 2:34 pm
3,832 views

 

වියළි මිරිස් සහ විවිධ භාණ්ඩ අතර සඟවා පසුගියදා ආනයනය කර අත්අඩංගුවට ගත් බීඩි කොළ අඩංගු තවත් බහාලුම් දෙකක් ද රේගුව අද පෙරවරුවේ ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේදී විවෘත කළා.

එම බීඩි කොළ තොගයේ වටිනාකම රුපියල් කෝටි හතරහමාරක් පමණ වන බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, නීතිවිරෝධී ලෙස සහල් අතර සඟවා ග්ලයිෆොසෙට් නමැති වල් නාශකය ආනයනය කරන ලද බහාලුමක් ද රේගු දෙපාර්තමේන්තුව අද (12) විවෘත කරනු ලැබුවා.

එහිදී ග්ලයිෆොසෙට් කිලෝග්‍රෑම් 28,000ක් හමුවූ අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 32ක් පමණ වන බව රේගුව සඳහන් කළා.

එම බහාලුම් තුනම ආනයනය කරන ඇත්තේ කොළඹ පදිංචි ව්‍යාපාරිකයන් විසින්.

Latest News

You may also like

Latest Videos