Citizen.lk
 

ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 අත්අඩංගුවට

ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 අත්අඩංගුවට | kerala KG
Fri 12 January 2018 12:35 pm
1,866 views

 

වයඹ නාවික විධානයට අනුයුක්ත මැරීන් බලකායේ නාවිකයින්, සිලාවතුර, පොලිසියේ නිලධාරින් සහ මන්නාරම, මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් එක්ව කායක්කුලි ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි කිරීමක දී සඟවා තැබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 356 ක් සොයා ගැනීමට සමත්වී ඇත.

මෙම කේරළ ගංජා තොගය එම ස්ථානයෙන් වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සුදානම් කර තිබියදී මෙලෙස සොයා ගෙන ඇති අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සිලාවතුර, පොලීසිය වෙත බාර දීමට කටයුතු කෙරිණි.

තවද, බටහිර නාවික විධා‍නයට ලද තොරතුරක් මත එම විධානයේ නාවිකයින් පිරිසක් සහ ගෝනහේන, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව ඊයේ (11) සිදු කළ වැටලීමකදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස වේදනා නාශක ඖෂධ පෙති (Tramadol) ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

ඔහු සතුව තිබී ඖෂධ පෙති 1000 ක් සොයා ගෙන ඇති අතර, ඒවා අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබී ඇත.

එම පුද්ගලයා සහ වේදනා නාශක ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා වැල්ලම්පිටිය, පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News