Citizen.lk
 

ගැහැණුන්ට මත්පැන් සම්බන්ධ නීතිය ගැන බුකියේ තිබ්බ අපූරූ කතාව

ගැහැණුන්ට මත්පැන් සම්බන්ධ නීතිය ගැන බුකියේ තිබ්බ අපූරූ කතාව |  liqueur permission
Fri 12 January 2018 10:15 am
4,872 views

 

ඇතැම් නීතී ලංකාවෙ නීති පොතේ තියෙන්නෙ කිසිම ප්‍රායෝගික හේතුවක් නිසා නෙමෙයි මොකක් හෝ අතීත කාලෙක (බොහෝවිට සුද්දාගෙ කාලෙ) තිබුනු ඓතිහාසික හේතූන් නිසා. නූතන සමාජයේ ගැහැණුන්ට එක නීතියකුත්, පිරිමින්ට තව නීතියකුත් තියෙන්නෙ ඔනේ අවස්ථා ටිකක් තාමන් ඇති.

නමුත් මේ මත්පැන් සම්බන්ධ නීතිය එහෙම එකක් නෙමෙයි. මේ වගේ අපිටම ලැජ්ජාවක් වෙන සත පහක ප්‍රයෝජනයක් නැති නීති මොකක් හෝ හේතුවක් නිසා කවුරුහරි නීති පොතෙන් අයින් කරන්න යනවානම්, ඒක කවුරු කලත්, මොන හේතුවකට කලත්, හොඳ වැඩක්. දැන් සමහරු කියන විදිහට, මේ නීතිය ඉවත් කරපු ගමන් රටේම ඉන්න ගෑනු තැබෑරුම් වලට ගිහිල්ල පෝලිමේ ඉඳී වගේ තමයි කට්ටිය හිතන් ඉන්නෙ.

සමහරු කියන්න හදනවා මේක ගැහැණුන්ට බීමට ඇබ්බැහි වෙන්න ආරාධනයක් කියල. දැන් මේ අයගෙ තර්ක වල හැටියට ලංකාවෙ ගෑනු පෝලිමේ ඉඳල මත් පැන් අරගෙන ගෙදර ගිහිල්ලා කුදාර් වෙන්න ගහල ගෙදර වැටිල නොඉන්න එකම හේතුව වෙලා තියෙන්නෙ මේ තිබුන නීතිය.

බැරි වෙලා හරි ඔය නීති පොතේ තිබුනානම් පොදු වැසිකිලි වල හිටගෙන මුත්‍රා කිරීමේ අයිතිය තියෙන්නෙ පිරිමින්ට විතරයි කියල (එහෙම නීතිත් ඇත්තටම තියෙනවාද දන්නෙ නෑ, මේ තියෙන ඒවායෙ හැටියට) හා ඒ වගෙ විසුලු නීති තියෙන්න අවශ්‍ය නෑ කියල ඒක ඉවත් කරා නම්, මේ මත්පැන් නීතිය ඉවත් කිරීම විවේච්නය කරන අය කියයිද දන්නෙ නෑ "බලන්න, දැන් මේ අය හදන්නෙ අපේ ආච්චිල, අම්මලා, පුංචි අම්මලා, අක්කල, නංගිලා ලව්වා හිටගෙන මූත්‍රා කරවන්න" කියල.

අනවශ්‍ය අවස්ථාවල ගැහැණුන්ට විශේෂ තහංචි දැමීම කියන්නෙ නූතන සමාජයට නොගැලපෙන හණමිටි යුගයේ වැඩක් නිසා, මේ වගේ යල් පිනූ නීතී ඉවත් කිරීම තුල තියෙන්නෙ සංකේතීය වටිනාකමක්. අඩුගානෙ 'සංකේතීය ලෙස' ගැහැණුන්ට හා පිරිමින්ට සම අවස්ථා හිමිවන බව, හා ඔවුන්ගේ තීරණගැනීමෙ හැකියාවෙ වෙනසක් අපි නොදකින බව තමයි මින් හැඟවෙන එකම දේ.

ඊට අමතරව ඇත්තටම කඩේට ගිහින් මත්පැන් මිලදීගෙන බොන්න ඔනේකම තිබුන ගැහැණුන් රටේ හිටියායානම් හා ඔවුන් මේ නීතිය නිසාම කඩේ නොගිහින් හිටියායම්, ගැහැණුන් වූ නිසාම ඔවුන්ට පැනවී තිබූ අනවශ්‍ය සීමාවක් ඉවත්වීම කියනෙ හොඳ දෙයක්. තමන්ගේ සීමාවන් දැනගෙන මත්පැන් භාවිතා කිරීමට ඇති හැකියාව හෝ නොහැකියාව කියන්නෙ කිසිසේත් ගැහැණු/පිරිමි ලිංග බේදය මත තීරණය වන දෙයක් නොවෙන තැනකදී, මේ වගේ විසුලු නීතී වලින් ඉටුවූ කිසිම ප්‍රායෝගික සේවයක් නැහැ.

 

සුපුන් ජයවීර

 

 

 

Latest News

You may also like

Latest Videos