Citizen.lk
 

ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 7200 ක් ඉන්දියාවේ පුරවැසිකම ඉල්ලයි

ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 7200 ක් ඉන්දියාවේ පුරවැසිකම ඉල්ලයි | indian refugees
Fri 12 January 2018 9:28 am
5,491 views

 


ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 39,730 ක පිරිසකගෙන් පවුල් 7200 ක් තමිල්නාඩු ප්‍රාන්ත පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි කාරණය වශයෙන් සඳහන් කර ඇත්තේ යුද සමයේදී ඔවුන් ජීවත් වූ ගම්මාන හා ඉඩම් වෙනත් පිරිස් අල්ලාගෙන තිබීම නිසා ඔවුන්ට ජීවත් වීමට ස්ථානයක් නොමැති වීම බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එලෙස තමිල්නාඩු බළධාරීන්ගෙන් ඉල්ලීම කරද්දී ඉදිරිපත් කර ඇති කරුණුවල සඳහන් කොට ඇත්තේ තමන්ගේ දරුවන් තමිල්නාඩු ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලවල හා ඩිප්ලෝමා ලබාදෙන ආයතනවලින් අධ්‍යාපනය හදාරා සිටින බැවින් ආපසු ශ්‍රී ලංකාවට ගොස් ඊට ගැලපෙන අන්දමේ රැකියාවන් ලබා ගැනීම දුෂ්කර කාර්යක් බවයි.

එමෙන්ම දැනට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ගෙන් විශාල පිරිසක් ඉන්දීය ධීවරයින් සමඟ ධීවර කර්මාන්තයේ සහ විවිධ කර්මාන්ත ශාලා වල සේවය කරන බවද ඔවුන් සඳහන් කොට ඇත.

අදාළ තමිල්නාඩු ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ඔහු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන බවයි.

 

 

 

 

 

Latest News

You may also like

Latest Videos

( 8 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News