Citizen.lk
Citizen News Line
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය වසර 5 ක්ද? 6 ක්ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුර කාලය වසර 5 ක්ද? 6 ක්ද? | janapathi
Fri 12 January 2018 9:09 am
5,312 views


2021 වසර දක්වා තමන්ට ජනාධිපති ධුරය දැරීමට බාධාවක් ඇද්ද යන්න පිළිබඳව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්‍ඨාධිකරණයේ මතය විමසීමට කළ ඇයැදුම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූවා. එහිදී වත්මන් ජනාධිපතිවරයාට වසර 06ක කාලයක් සියධුරයේ කටයුතු කිරීමට හැකියාව ඇතැයි නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී සදහන් කළා.

මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා එම පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පැවසුවේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 49 (1) ‘අ’ සහ ‘ආ’ වගන්ති අනුව ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ සංශෝධනයට යටත් බවත් ඒ අනුව වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 ක් විය යුතු බවත්ය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම ඇයැදුම අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, කේ.ටී. චිත‍්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්‍යඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලන ලදී.

ඒ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතීපති ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා කියා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරී මස 08 ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු අතර 2015 ජනවාරී මස 09 වැනිදා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් බවයි.

ඒ අනුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දී ඇත්තේ 19 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කිරීමට පෙර යයිද ඔහු කියා සිටියා.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිධුරයට පත්වන පුද්ගලයෙකුට වසර 06 ක කාලයක් සිය ධුරයේ කටයුතු කළ හැකියාව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයේ දිව්රුම් දීමෙන් පසු අවස්ථාවකදී එම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ බවත් දැනුම් දුන්න්නා.

Latest News

You may also like

Latest Videos