මින් ඉදිරියට රථවාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් ලබා දෙන දඩ කොළ නවීන තාක්ෂණය යොදාගෙන අදාළ වැරදිකරුගේ නිවසට යැවීමේ ක්‍රමය පොලීසියට හඳුන්වාදෙන බව නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළා. ඔහු මේ බව කියා සිටියේ අද (11දා) පැවැති වැඩමුළුවකට එක්වෙමින්.
එමෙන්ම ලබන මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් මේ අනුව අදාළ වරද සඳහන් ඡායාරූපයක් සමග දඩකොළය වාහනය ලියාපදිංචි පුද්ගයාගේ නිවසට යවන බවදත් ඔහු වැඩිදුරටත් සදහන් කළා.