අධික වර්ෂාව හේතුවෙන් හටගත් ගංවතුර සහ මඩ මධ්‍යයේ දකුණු කැළිෆෝනියාවේ 13ක් මියගොස් ඇති බව එරට බලධාරීහු පවසති. තවත් 160කට අධික පිරිසක් රෝහල්ගත කර ඇත. දරුණු කුණාටුව හේතුවෙන් ඉන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතරින් සිව් දෙනෙකුගේ තත්වය බරපතලය.
නැගෙනහිර සැන්ට බාබරා ප්‍රදේශයේ (Santa Barbara) රොමෙරො කැනියන් හි (Romero Canyon) 300ක පමණ පිරිසක් කොටු වී සිටින බවත් වාර්තාවෙයි අනතුරටපත් පුද්ගලයන් පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නොමැති බවත් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් හදිසි සහන සේවකයෝ පවසති.ගංවතුර හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් සිය නිවාසවලින් ඉවත්වී ඇති අතර, 50කට අධික සංඛ්‍යාවක් මුදවාගෙන තිබේ.