Citizen.lk
Citizen News Line
 

යොවුන් වියට පා තැබීමෙන් පසු ලක්ෂ 7ක ආසන්න මුදලකට අලවි වන මනාලියෝ

යොවුන් වියට පා තැබීමෙන් පසු ලක්ෂ 7ක ආසන්න මුදලකට අලවි වන මනාලියෝ | roma bride market
Tue 09 January 2018 3:40 pm
1,807 views

 


නව යොවුන් වියේ දැරිවියන් මනාලියන් ලෙස විකුනන පොලක් බල්ගේරියාවේ 'Stara Zagora' නම් ප්‍රදේශයේ පවතිනවා.

සෑම වසර 04කට වරක්ම පැවැත්වෙන මෙය වඩාත් ප්‍රචලිත වන්නේ roma bride market ලෙසයි.

නව යොවුන් වියට පා තැබීමෙන් අනතුරුව ගැහැණු දරුවන් සිය දෙමාපියන් විසින් එම පොලට කැදවා ඔවුන්ව ගැනුම්කරුවන් ට නැතහොත්, අනාගත සහකරුවන් ට අලෙවී කෙරෙනවා.

මෙලෙස අනාගත සහකරුවෙකු ඉදිරිපත් වී ඇති දැරිවියක් තොරා ගන්නේ නම් ඔවුන්ගේ දෙමාපියන්ට නැතොත් පවුලේ අයට යම් මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතු වෙනවා.

මෙය ආදී කාලයේ සිට පැවතෙන චාරිත්‍රයක් බවයි වාර්තා වන්නේ.

මෙහි මුඛ්‍ය පරමාර්ථය 'මුදල්' වන අතර එයට හේතු වන්නේ පවුල් සෑම එකක්ම පාහේ දැඩිව දරිද්‍රතාවෙන් පෙළෙන්නන් වීමයි.

අදාළ දිනයේදී මුහුණු ආලේපන ආදියෙන් හැඩවී හොද ඇදුම් ආයිත්තම් වලින් සැරසී පැමිණෙන ළමුන් මුලින්ම අදාළ පිරිමි ළමුන් සමග සාම්ප්‍රදායික නර්තනයක නිරත් විය යුතු වනවා.

ඉන් පසු අතට අත දී හදුනාගෙන කතාබස් කරමින් එකිනෙකා දැනහදුනාගත යුතුයි.

දෙමාපියන් මේ සියල්ල පසුපසින් බලා සිටින අතර ඉන්පසු තම තෝරාගැනීම් අවසානයේ දී ගනුදෙනු ආදිය දෙමාපියන් විසින් සිදු කරනවා.

සාමාන්‍යයෙන් මෙලෙස අලෙවි වන මනාලියකගේ වටිනාකම ආසන්න වශයෙන් යුරෝ 2200 - 4300 (ලක්ෂ 4ත් - 7)  අතර ප්‍රමාණයක් වෙනවා.

කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන මෙයට දැඩි ලෙස විරෝධය පල කරන අතර මෙයින් දරුවන්ගේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බවයි සිටින්නේ.

බොහෝ දරුවන් අවු 18 සම්පුර්ණ නොකර ඇති නිසා මෙය ජාත්‍යන්තරව ද ළමා අයතීන් කඩකිරීමක් වන බවයි සඳහන් වන්නේ.

 

 

 

 

Latest News

You may also like

Latest Videos