Citizen.lk
Citizen News Line
 

මාසෙට ලක්ෂ 60 ක පඩියකට කකුළුවන් අල්ලන රස්සාව

මාසෙට ලක්ෂ 60 ක පඩියකට කකුළුවන් අල්ලන රස්සාව | beering sea
Tue 09 January 2018 12:42 pm
27,512 views

 

බීරිං මුහුදේ කකුලුවන් ඇල්ලීම යනු ලෝකෙ මාසෙකට වැඩිම වේතනයක් ලබන තවත් එක රැකියාවක්. උත්තර ධ්‍රැවය ආශ්‍රිත දිය මිදෙන අධික ශීත ඍණ උෂ්ණත්ව කාලගුණය මැද දවසකට පැය 18-20 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ සිට ජනවාරි මාසය වෙනකල් කාලය තුළ ඇලස්කානුවන් මෙම කකුලුවන් අල්ලන රැකියාවේ නිරත වෙනවා.

ඔහුන්ට ඒ වෙනුවෙන් එක මාසයකට ඩොලර් -40000 ක මුදලක් හෙවත් රුපියල් ලක්ෂ 60 ක මුදලක් ගෙවන අතර, අතිශ්‍ය වෙහෙසකාරී හා අවදානම් සහිත රැකියාවකයි මොහුන් නිරත වෙන්නේ.

බීරිං මුහුදු සීමාව යනු ලෝකයේ ගැඹුරු මෙන්ම අනතුරු වැඩි මුහුදු කලාපයක් ලෙස නම් දරා ඇති ප්‍රදේශයක්. මෙම ධීවරයින් යකඩ කම්බි වලින් තැනූ කූඩු තුලට ඉස්සන් දැල්ලන් මසුන් වැනි සත්වයන් ඇමක් ලෙස භාවිත කර එම කූඩු ගැඹුරු මුහුදේ ගිල්වා මෙම කකුලුවන් අල්වා ගැනීම සිදුකරයි.කෙසේ නමුත් මෙය දරාගැනීමේ හැකියාව ඉතා ඉහල මෙන්ම පලපුරුදු කරුවන් හට පමණක් මෙම රැකියාවේ නිරත වෙනවා.

Latest News

You may also like

Latest Videos