Citizen.lk
 

ස්විස්ටර්ලන්තයේ සිටින දෙමළ ඩයස්පෝරාව වීදි බසිමින් විරෝධතාවයක

ස්විස්ටර්ලන්තයේ සිටින දෙමළ ඩයස්පෝරාව වීදි බසිමින් විරෝධතාවයක | tamil ilam
Tue 09 January 2018 9:50 am
2,670 views

 

ස්විස්ටර්ලන්තයේ අධිකරණයක් මගින් දෙමළ ඩයස් පෝරාවේ පුද්ගලයින් 13 දෙනෙකු අධිකරණය හමුවට කැදවීමේ සිද්ධියට විරෝධය පල කරමින් ස්විස්ටර්ලන්තයේ දෙමළ ඩයස් පෝරාවේ විශාල පිරිසක් අද වීදි බැස විරෝධතාවයක නිරත වී තිබෙනවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් රැස්කරමින් සිටි දෙමළ ඩයස් පෝරාවේ පිරිසකගෙන් ස්විස්ටර්ලන්ත ෆ්රෑන්ක් මිලියන 15.3 ක මුදලක් වංචා වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්කි ලබා ගැනීම පිණිස මෙම 13 දෙනා 8 වෙනිදා ස්විස්ටර්ලන්ත අධිකරණය හමුවට කදවා තිබුණි.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් අධිකරණය විසින් පවත්වාගෙන යන ලද නඩු විභාගයේදී මෙම මුදල් වංචාව සිදුව අත්තේ 1989 වර්ෂයේ සිට එල්.ටී.ටී.ඊ.සංවිධානයට මුදල් ලබාදීමේ සිද්ධියක් බව හෙළිවීමෙන් පසුව ඔවුන් විසින් ලබාදෙන ලද මුදල් පිළිබදව පූර්ණ විස්තරයක් අධිකරණය වෙත ඉදිරිපත් කරණ මෙන් ස්විස්ටර්ලන්ත අධිකරණය නියෝග කොට තිබේ.

දෙමළ ඩයස් පෝරාවේ පිරිස එම විස්තර ලබාදීම සදහා අධිකරණයෙන් කල් ඉල්ලූ අවස්ථාවේදී ඊට දින 20 ක කාලයක් ලබාදී තිබේ.

ස්විස්ටර්ලන්තයේ සිටින දෙමළ ඩයස් පෝරාව වීදි බසිමින් විරෝධතාවයක නිරතව ඇත්තේ ස්විස්ටර්ලන්තය තුල එල්.ටී.ටී.ඊ.සංවිධානය තහනම් සංවිධානයක් වී නොතිබියදී දෙමළ ඩයස් පෝරාවෙන් එල්.ටී.ටී.ඊ.සංවිධානය වෙණුවෙන් එකතු කරණ ලද මුදල් ප්රමාණයන් පිළිබදව විමසීමත්,ඒ ගැන ප්‍රශ්න කිරීම සදහා පිරිසක් අධිකරණය හමුවට කැදවීම අසාධාරණ ක්‍රියාවක් බව පවසමිනි

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News