Citizen.lk
 

එයාට මාවත් මට එයාවත් නැතුව බෑ. දරුවෝ ලැබුණයි කියලා අපි දෙන්නට තිබුණු ආදරේ අඩුවෙලා නෑ දරුවෝ නිසා ඒ ආදරේ තවත් වැඩිවුණා කීවොත් හරි - මංජුලා තිළිණි

එයාට මාවත් මට එයාවත් නැතුව බෑ. දරුවෝ ලැබුණයි කියලා අපි දෙන්නට තිබුණු ආදරේ අඩුවෙලා නෑ දරුවෝ නිසා ඒ ආදරේ තවත් වැඩිවුණා කීවොත් හරි - මංජුලා  තිළිණි | manjula thilini say abouth happy life
Sun 07 January 2018 12:15 pm
7,689 views

ක්‍රිකට් ගැන කතා කරද්දි අපට අමතක නොවන චරිතයක් තමයි තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ, ඩිල්ෂාන් මේ වන විට ක්‍රිකට් වලට සමුදීලා සිය පවුල එක්ක සතුටින් කාලය ගත කරනවා. ඩිල්ෂාන්ගේ පුංචි කැදැල්ලට අළුත් අමුත්තෙකුත් ලගකදී එකතු වුනා ක්‍රිකට් වලට පස්සේ ඩිල්ෂාන් පවුල එක්ක ගත කරන ජීවිතය ගැන ඉස්සර පිටියේ දස්කම් දක්වපු ක්‍රීඩකයා ගැන බිරිඳ මංචුලා කියන කතාවයි මේ...

කොහොමද ජීවිතේ
ජීවිතේ අපි හැමදාම වගේ සතුටින් ගත කරනවා. දැන් ඒ සතුට තවත් වැඩිවෙලයි තියෙන්නේ. මොකද අපේ අලුත් අමුත්තා අපේ චූටිම බබා නිසා අපේ ජීවිත තවත් අලුත් වෙලා කීවොත් හරි.

අලුත් අමුත්තා නිසා ජීවිතේ තවත් කාර්ය බහුල ඇති නේද?
මේ අපේ හතරවෙනියා. ඉතින් තවම එයා අපි ළඟට ආවා විතරයිනේ. ඒ නිසා එයාට දක්වන අවධානය ටිකක් වැඩිවෙලා තියෙනවා. ඒ ඇරුණුකොට කියන්න තරම් ලොකු කාර්ය බහුලත්වයක් නම් නෑ. හැමදාම අපේ ජීවිත ඇතුළේ තිබුණු කාර්ය බහුලත්වය තවත් ආදරණීයව ගලාගෙන යනවා.

කොහොමද අනිත් තුන්දෙනා අලුත් අමුත්තව පිළිගත්තේ?
අපිට දැන් දූලා දෙන්නයි පුතාලා දෙන්නයි ඉන්නවා. ඉතින් අනිත් තුන් දෙනාට දැන් චූටි බබාව නැතිවම බෑ. නිතරම එයා එක්කමයි ඉන්නේ. අපි දකිනවා සාමාන්‍යයෙන් අලුතින් කෙනෙක් ආවාම අනිත් අය ටිකක් ඉරිසියයි. හැබැයි අපේ මේ තුන්දෙනාම හරි ආදරෙන් චූටි බබාව බලාගන්නවා. නිතරම එයා ළඟට වෙලා ඉන්න තමයි තුන් දෙනාම කැමති. ඒ කැමැත්ත පාරේදි දකින ඕනම පෙඩි දරුවෙක්ට වුණත් එයාලා ළඟ තියෙන කැමැත්තක්. ඉතින් හරිම සංවේදී දරුවෝ ටිකක් තමයි අපට ඉන්නේ.

හතර දෙනාගෙම වැඩ කරගන්න එක ‍ලේසි නම් නැතුව ඇති?
අපිට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා කියලා දැනෙන්නේ නැති තරමට අපේ ජීවිත ආදරණීයව ගවෛනවා. ඩිල්ෂාන් සැමියෙක්. පියෙක් හැටියට ඔහුගේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන කෙනෙක්. ඉතින් ඔහුගේ සහයෝගය නිතරම මට ලැබෙනවා. අපිට ඉන්නේ එක එක වයස් පරතරවල දරුවෝ. එයාලා දවසින් දවස අලුත් වෙනවා. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් එයාලත් එක්ක අපිත් දවසින් දවස අලුත් වෙනවා. දරුවොත් එක්ක ඉන්නවා කියන්නේ අලුත්ම අලුත් ආදරණීය අත්දැකීමක්. සාමාන්‍යයෙන් කියනවනේ අම්මා කෙනෙක්ට නිදහසේ නිදාගන්න ලැබෙන්නේ නෑ කියා. මමත් ඒ අත්දැකීම සුන්දරව අත්විඳිනවා.

දරුවෝ හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක් වීම කොහොමද දැනෙන්නේ?
ඒ හැඟීම ගැන කියන්න වචන නෑ. ගොඩක් ආඩම්බරයි දූලා දෙන්නයි පුතාලා දෙන්නයි ඉන්නවා කියන්නේ අපේ ජීවිත දැන් පරිපූර්ණයි කියලා කියන්න පුළුවන්. හොඳ සැමියෙක්, දරුවෝ හතර දෙනෙක්, සාර්ථක පවුල් ජීවිතයක් කියන්නේ ගැහැනියක් හැටියට මගේ ජීවිතේ සම්පූර්ණයි. මගේ පවුල් ජීවිතේ මට ඔටුන්නක් හා සමානයිසැමියා හැටියට ඩිල්ෂාන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කතා කරමු.

ඉස්සර ඉඳන්ම අපිට අපි නැතුවම බෑ. එයාට මාවත් මට එයාවත් නැතුව බෑ. දරුවෝ ලැබුණයි කියලා අපි දෙන්නට තිබුණු ආදරේ අඩුවෙලා නෑ. දරුවෝ නිසා ඒ ආදරේ තවත් වැඩිවුණා කීවොත් හරි. ඉතින් ගෙදර වැඩටික කරගන්න අපිට උදව්වට අය හිටියත් දරුවන්ගේ වැඩ අපි දෙන්නමයි කරන්නේ. ඉතින් ඩිල්ෂාන් මගේ සැමියා විතරක් ‍නෙවෙයි මගේ හොඳම යාළුවා මට ජීවිතේ ළඟම කෙනා තමයි ඔහු.

ජීවිතේ හොඳම කාලෙදී රංගනය මගහැරුණා කියලා හිතෙන්නේ නැද්ද?
ගෙදරින් ලොකු කැමැත්තක් ලැබෙන්නේත් නැතුව මම ඒ කා‍ලේ රංනයට සම්බන්ධ වෙලා ලබපු ඒ ජනප්‍රියත්වය සහ ආදරය මට ගොඩක් වටිනවා. මම හිතනවා ඒකා‍ලේ හැටියට මම මගේ උපරිමය කළා කියලා. දැනටමත් ගොඩක් දෙනා කියනවා රංගනය මට මගහැරුණු එක හරි අපරාදයක් කියලා. නමුත් මම හිතන්නේ එහෙම රංගනය මගනොහැරුණා නම් අද මට මේ ලැබිලා තියෙන ජීවිතය මග හැරෙන්න ඉඩ තිබුණා.

තවමත් රංගනයට ආරාධනා නම් ලැබෙනවා ඇති?
පහුගිය කා‍ලේ මට ආරාධනා ලැබුණේ නැවතත් රංගනයට එකතු වෙන්න. මේ මෑතකදිත් ටෙලි නාට්‍යයක් සඳහා අරාධනා ලැබුණා. නමුත් මට තව කා‍ලේ අවශ්‍යයි. දරුවොත් එක්ක ඉන්න ඕනි. එයාලා දවසින් දවස වැඩෙනකොට එයාලා දිහා බලාගෙන ලබන සතුට ගොඩක් වටිනවා. ඉතින් බලමු ඉදිරියේදී කලාව වෙනුවෙනුත් නැවත යමක් කරන්න අවස්ථාව ලැබෙයි.

ඔබේ චරිතවලට ආදරේ කරන පිරිසක් තවත් ඉන්නවා නේද?
ඔව්. අදටත් මට භවත්‍රා, ප්‍රාර්ථනා, නිලංජනා කියලා කතා කරන පිරිසක් ඉන්නවා. මගේ නමින් මාව හඳුනන පිරිසට වඩා මම කරපු චරිත නමින් මාව හඳුනාගෙන මට ආදරේ කරන පිරිස තමයි වැඩි.

තිලකරත්න ඩිල්ෂාන් කියන ජනප්‍රිය චරිතය සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක් හැටියට ද ඔබ දකින්නේ?
සාමාන්‍ය ජීවිතේදී අතිශය සාමාන්‍ය චරිතයක් ඔහු. ගොඩක් සරල විදියට ජීවත්වන කෙනෙක්. නිතරම හිතේ සතුටින් විනෝදෙන් ඉන්නයි අපි උත්සාහ ගන්නේ. මමම හිතන දේ ඔහුට දැනෙනවා. ඔහු හිතන දේ මට දැනෙනවා. ඉතින් ඒ දැනීමම තමයි අපේ ජීවිත අද මේ තරම් දුරට සාර්ථක කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News