Citizen.lk
 

යන්න බය හිතෙන ලොව දිගම වීදුරු පාලම

යන්න බය හිතෙන ලොව දිගම වීදුරු පාලම | china glass brig
Sat 06 January 2018 4:23 pm
4,647 views

 

ලොව දිගම වීදුරු පාලම චීනයේ Hebei පළාතේ කඳු දෙකක් අතර නිර්මාණය කර තිබෙනවා.

වීදුරු අතුරා නිර්මාණය කිරීම නිසා පාලම මතින් පිය මනින පිරිසට කඳු දෙක අතර පිහිටි ආගාදය හොඳින් නැරඹීමේ අවස්ථාව උදා වෙනවා. එය තරමක බිහිසුනු අද්දැකීමක් වුවත් බොහෝ සංචාරකයන්ගේ සිත් ඇද ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම පාලමේ විදුරු මුහුණතේ ආරක්ෂාව වෙනුවෙන් පැමිණෙන සංචාරකයන් සඳහා විශේෂිත මේස් ආවරණයක් ලබා දෙනවා.

ලොව පිළිගත් ඉහළම ප්‍රමිතිය සදා ඇති මෙය ගොඩ නැගීමට වසර තුනක් ගතව ඇති බවටයි වාර්තා වෙන්නේ.

පළල මීටර 4 ක් ද දිග මීටර 488ක් ද වන අතර, පාලමේ සිට ගැඹුර මීටර 218ක් වෙනවා. භාවිත කර ඇති විදුරු පුවරු ගණන 1077ක්.

එම එක් විදුරු පුවරුවක් සෙන්ටිමීටර 4ක ගණකමකින් යුක්ත බවයි එහි කාර්ය මණ්ඩලය සඳහන් කරන්නේ.

එමෙන්ම පාලමේ එකවර රැඳී සිටිය හැකි පිරිස 2000ක් වෙනවා. එහෙත් එකවර උපරිමය 600 දක්වා පමණක් ඇතුල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඒ සංචාරකයන්ට නැරඹීමේ පහසුව උදෙසායි පාලමේ සේවය සඳහා වෙනම කාර්ය මණ්ඩලයක් සිටිනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News