Citizen.lk
 

Mac, iPhones, iPads ලොකු අවදානමක - ඇපල් සමාගම විසඳුම් සොයයි

Mac, iPhones, iPads ලොකු අවදානමක - ඇපල් සමාගම විසඳුම් සොයයි | apple
Sat 06 January 2018 9:44 am
4,929 views

 


පරිගණක චිපයන් හී මතුව ඇති ප්‍රධාන දෝෂ දෙකක් පසුගිය දා අයි ෆෝන් (iPhones), අයි පෑඩ් (iPads) සහ මැක් (Mac) පරිගණක කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයි ඇපල් සමාගම පවසනවා.

පරිගණක පද්ධති තුළට රහසින් ඇතුළු වී දත්ත සොරා ගැනීමට ඉඩ සැලසෙන ඉහත කී දෝෂවලට විසඳුම් සෙවීම සඳහා තාක්ෂණික සමාගම් කටයුතු කරමින් සිටින බවයි ඒම සමාගම පෙන්වා දෙන්නේ.

අදාළ දෝෂ සඳහා දැනටමත් තාවකාලික විසඳුම් කිහිපයක් නිකුත් කර ඇති අතර, මෙමගින් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැති බවයි එම සමාගම සඳහන් කර ඇත්තේ.

ඉන්ටෙල් ප්‍රොසෙසර (Intel processors) හා සම්බන්ධ දෝෂයෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැත්තේ ඒ තුළ එම ප්‍රොසෙසර (Processors) අඩංගු කර නොමැති බැවිනි.

හානිකර ඇප් (App) මගින් ආරක්ෂා වී සිටීම සඳහා විශ්වසනීය මාර්ග ඔස්සේ පමණක් මෘදුකාංග බාගත කර ගන්නා මෙන් ඇපල් සමාගම අවධාරණය කරනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News