Citizen.lk
 

මගේ න්‍යෂ්ටික බොත්තම බලවත් සහ විශාල බව කව්රුන් හෝ කිම් ජොන් අන් වෙත දන්වා සිටියොත් හොඳයි - න්‍යෂ්ටික බොත්තම ගැන ට්‍රම්ප් ගෙන් ප්‍රකාශයක් - Photos

මගේ න්‍යෂ්ටික බොත්තම  බලවත් සහ විශාල බව කව්රුන් හෝ කිම් ජොන් අන් වෙත දන්වා සිටියොත් හොඳයි - න්‍යෂ්ටික බොත්තම ගැන ට්‍රම්ප් ගෙන් ප්‍රකාශයක් - Photos |  Donald Trump boasts that his nuclear button is bigger than Kim Jong-un
Thu 04 January 2018 10:04 am
1,418 views

වඩාත්ම බලගතු හා න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ ශක්තිය ඇත්තේ තමාට බව ඇමෙර්කානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමරිකානු ජනාධිපති මෙසේ සඳහන් කර ඇත්තේ උතුරු කොරියානු නායකයාගේ නව අවුරුදු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

මේසය මත තිබෙනා න්‍යෂ්ටික බොත්තම ගැන කිම් ජොන් අන් තැබූ ප්‍රකාශයට ඩොනල්ඩ් ට්‍රම්ප් ටිවිටර් ගිණුමෙන් මෙසේ පිළිතුරු ලබා දී තිබුනා

"න්‍යෂ්ටික බොත්තම සැමවිටම තමන්ගේ මේසය මත"යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කළා. ඊට වඩා විශාල හා බලගතු න්‍යෂ්ටික බොත්තමක් ඇමෙරිකාව සතුව ඇති බව, විඩාවෙන් හා කුසගින්නෙන් පෙළෙමින් උතුරු කොරියානු රෙජීමය තුළ වෙසෙන කවරෙක් හෝ කිම් ජොන් අන් වෙත දන්වා සිටියොත් හොඳයි! ඔහුගේ බෝතතමට වඩා මගේ බොත්තම විශාලයි. ඒ වගේම වැඩ කරනවා !" ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන්වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය මේවන මුළු ලෝකයේම අවධානයට ලක් වී ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News