Citizen.lk
 

දෙසැම්බර් 31 වෙනිදා සිට ජංගම දුරකථන කිහිපයක WhatsApp වැඩ නෑ

දෙසැම්බර් 31 වෙනිදා සිට ජංගම දුරකථන කිහිපයක WhatsApp වැඩ නෑ | watsapp
Wed 27 December 2017 4:27 pm
7,772 views

 

 බොහෝ දෙනා භාවිත කරන කෙටි පණිවිඩ හුවමාරු කරගන්න පහසුම මෘදුකාංගයක් ලෙස WhatsApp හැඳින්විය හැකියි.

නමුත් 2018 වසරේ සිට WhatsApp සමාගම අලුත් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට බලාපොරොත්තු වෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව 2017 දෙසැම්බර් 31 වෙනිදා සිට BlackBerry OS, BlackBerry 10 සහ Windows Phone 8.0 සහ ඊට වඩා පැරණි මෙහෙයුම් පද්ධති තියෙන ජංගම දුරකතන වල WhatsApp භාවිතා කළ නොහැකි බවටයි වාර්තා වන්නේ.

වින්ඩෝස් 7 දුරකථන, ඇන්ඩ්‍රොයිඩ් 2.1, ඇන්ඩ්‍රොයිඩ් 2.2 සහ iOS 6 වැනි මෙහෙයුම් පද්ධති සඳහා WhatsApp යාවත්කාලීන (Updates) කිරීම්ද 2016 අවුරුද්දේදී නතර කෙරුණා.

එමෙන්ම 2017 ජූනි 30 වෙනිදා ඉඳන් Symbian S60 ක්‍රියාත්මක වන Nokia ජංගම දුරකථන සඳහා වන යාවත්කාලීන කිරීම්ද නතර කරනු ලැබුවා.

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News