Citizen.lk
 

Pond’s Institute ප්‍රථම වරට ලොව නවීන Face Care තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Pond’s Institute ප්‍රථම වරට ලොව නවීන Face Care තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි | Pond’s Institute Launch Sri Lanka
Sun 24 December 2017 4:05 pm
293 views

Pond's සන්නාමයේ නවීනතම විද්‍යා හා තාක්ෂණික සොයාගැනීම් ප‍්‍රදර්ශනය කරන Pond's Institute ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාට හඳුන්වා දීමට Pond's මෑතකදී කටයුතු කළේ ය. මේ වනවිට ටෝකියෝ, මැඞ්රිඞ්, නිව් යෝක්, කරච්චි, ෂැංහයි සහ මැනිලා වැනි ලොව ප‍්‍රධාන නගරවල Pond's Institute ආයතන පිහිටුවා ඇති අතර, එම ආයතන වල කටයුතු සිදුවන ආකාරය සංකේතාත්මකව ප‍්‍රදර්ශනය කිරීම කොළඹදී පැවති විශේෂ උත්සවයකදී සිදුකෙරිණි.

ලොව පුරා රටවල් 56 ක විද්‍යාඥයන් 700 කට අධික පිරිසක් Pond's Institute ආයතනයේ චර්ම සත්කාර නිෂ්පාදන තාක්ෂණයන් සහ වෙළඳපොළේ පුරෝගාමී සොයාගැනීම් සඳහා දායක වී තිබේ. ලොව පුරා මිනිසුන්ගේ එකිනෙකට වෙනස් සම් වර්ග හඳුනා ගැනීම, සම සම්බන්ධ සාධක පුද්ගලයන්ගේ ජීවිත වලට බලපාන ආකාරය වටහා ගැනීම සහ සම වඩාත් යහපත් කිරීම සඳහා සායනිකව තහවුරු කරන ලද සංයෝග නිපදවීම යනාදිය එම ආයතනයේ මූලික අරමුණු වී ඇත. සම පැහැපත් කරන ක‍්‍රීම් වර්ග සහ ෆේස් වොෂ් වර්ග ඇතුළුව සෑම Pond's නිෂ්පාදනයක්ම බිහිවනුයේ වසර ගණනාවක පර්යේෂණ වල ප‍්‍රතිඵල වශයෙනි.

සම සම්බන්ධයෙන් ගත්විට සෑම කෙනෙකුටම ආවේණික ලක්ෂණ පවතින බව හොඳින් හඳුනන Pond's Institute හි විද්‍යාඥයෝ ඔබගේ සම යහපත් ලෙස පවත්වා ගැනීමට උපකාරී වීම සඳහා කැපවී සිටිති. ඔබගේ සම සම්බන්ධයෙන් ඉදිරියේදී ඇතිවන අවශ්‍යතා කල්තබා හඳුනාගෙන ඒවාට පිළියම් යෝජනා කිරීමේ හැකියාව ඔවුන්ට ඇත. සම සම්බන්ධ ගැටලූ වලට විසඳුම් ලබා දෙමින් සෑම කෙනෙකුටම තම සම පිළිබඳව තෘප්තිමත් විය හැකි තාක්ෂණයන් නිර්මාණය කිරීම මෙම විද්‍යාඥයන්ගේ ඒකායන අරමුණ වේ.

‘‘මේ වනවිට Pond's Institute ආයතනය පේටන්ට් බලපත‍්‍ර 100 කට වැඩි සංඛ්‍යාවක් හිමිකරගෙන සිටිනවා. ආසියානු කලාපයේ පුද්ගලයන්ගේ සමට ගැළපෙන නිර්මාණශීලී හා පුරෝගාමී නිෂ්පාදන රාශියක් වෙළඳපොළට හඳුන්වා දීමට එම ආයතනය සමත් වී ඇති බව සඳහන් කළ යුතුයි. ඉදිරියේදීත් සම සම්බන්ධ පුරෝගාමී විසඳුම් හඳුන්වා දෙමින්, ලොව චර්ම සත්කාර සම්බන්ධ ප‍්‍රමුඛයා ලෙස අප දිනා සිටින කීර්තිනාමය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට අපගේ අරමුණයි.” යුනිලීවර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවි කළමනාකාරිනී (චර්ම සත්කාර හා හිසකෙස් සත්කාර නිෂ්පාදන) නිලූෂි ජයතිලක මහත්මිය පැවසුවා ය.

මෙම උත්සවයට සහභාගී වූවන්ට ‘3D Facial Analyzer’ ක‍්‍රමවේදය මගින් තම මුහුණේ සම පිළිබඳව සමීප අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයක් විය. මෙම වැඩසටහනේ විශේෂඥ මඩුල්ලට එක්වී සිටි ජ්‍යෙෂ්ඨ පෝෂණවේදී, පෝෂණ හා ජීවන රටා උපදේශිකා Sigrid de Silva", වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පීනී Pallavi Symons සහ යුනිලීවර් සමාගමේ ‘Consumer Technical insights and claims program’ කළමනාකාරිනී Permita Bose මෙහිදී සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම, සමේ ගැටලූ ඇතිවීමට හේතු, ඒවා වළක්වාගත හැකි ආකාරය සහ Pond’s Institute හි අඛණ්ඩ පර්යේෂණ හා සංවර්ධන කටයුතු මගින් කාන්තාවන්ට තම සම සම්බන්ධ දෛනික ගැටලූ සඳහා විසඳුම් ලැබෙන ආකාරය යනාදී කරුණු පැහැදිලි කළහ.

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News