Citizen.lk
 

හතුරුසිංහ වැඩ අරඹයි - අලුත්ම ප්ලෑන් එක එළියට - සංචිතයට ක්‍රීඩකයින් 23ක් - මාලිංග නිහඬ කරවීමේ මෙහෙයුම අඛණ්ඩව

හතුරුසිංහ වැඩ අරඹයි - අලුත්ම ප්ලෑන් එක එළියට - සංචිතයට ක්‍රීඩකයින් 23ක් - මාලිංග නිහඬ කරවීමේ මෙහෙයුම අඛණ්ඩව | New Plan of Chandika Hathurusinghe
Sat 23 December 2017 1:28 pm
14,865 views

ශ්‍රී ලංකා ක්‍රිකට් වැටී ඇති තැනින් ගොඩ ගන්නට බංග්ලාදේශ් හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙසින් තෝරා පත්කරගෙන තිබෙනවා. ඒ අනුව ඔහු මේ වන විට නව සැලැස්මක් ක්‍රියාත්මක කර ඒ සඳහා ක්‍රීඩකයින් 23ක් තෝරාගෙන තිබෙනවා.

ඔවුන් 23 දෙනාහට විශේෂයෙන් දැනුම් දී ඇත්තේ ඉදිරියේදී කිසිදු පළමු පෙල තරඟයක් සඳහා සහභාගී නොවන ලෙස වන අතර ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන බංග්ලාදේශ් තරඟාවලියට සුදසුම ක්‍රීඩකයින් තෝරාගැනීමට මෙම 23 හට පුහුණු කරුණු ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මෙම සංචිතයෙන්ද ලසිත් මාලිංග හා නුවන් කුලසේකර ඉවත් කර ඇති අතර පසුගියදා ක්‍රීඩාවේ ඉහළ බලධාරීන් සමඟ සාධාරණය වෙනුවෙන් කතාකළ නිසාවෙන් මාලිංග හට සංචිතයෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි ආරංචි මාර්ග තොරතුරු වාර්තා කර සිටින්නේ....

ඒ අනුව

තිසර පෙරේරා
උපුල් තරංග
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් ජනිත්
අසේල ගුණරත්න
නිරෝෂන් දික්වැල්ල
සධීර සමරවික්‍රම
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
දසුන් ශානක
ලහිරු ගමගේ
විෂ්ව ප්‍රනාන්දු
දුෂ්මන්ත චමීර
ෂෙහාන් මධුසංක
ලහිරු කුමාර
අකිල ධනංජය
ජෙෆ්රි වැන්ඩසේ
අමිල අපෝන්සු
ලක්ෂන් සඳකැන්
චතුරංග ද සිල්වා

මෙම ක්‍රීඩකයින් 23ගේ සංචිතයට ඇතුලත් වෙනවා.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News