Citizen.lk
 

Trumps solutions (PVT.) Ltd ආයතනය දැවැන්ත පියවරක් තබමින් අග්නිදිග ආසියාවේ තවත් ප්‍රමුඛතම ඩිජිටල් ප්‍රචාරණ ආයතනයක් වන VLT සමාගම සමග අත්වැල් බැඳ ගනී

 Trumps solutions (PVT.) Ltd ආයතනය දැවැන්ත පියවරක් තබමින් අග්නිදිග ආසියාවේ තවත් ප්‍රමුඛතම ඩිජිටල් ප්‍රචාරණ ආයතනයක් වන  VLT සමාගම සමග අත්වැල් බැඳ ගනී | Trumps solutions VLT
Tue 19 December 2017 12:17 pm
1,147 views

 


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ප්‍රචාරණ ආයතනයක් වන Trumps solutions (PVT.) Ltd පසුගිය දා අග්නිදිග ආසියාවේ තවත් ප්‍රමුඛතම ඩිජිටල් ප්‍රචාරණ ආයතනයක් වන VLT සමග අත්වැල් බැඳ ගත්තා.

මෙමගින් VLT හී සපයන නව නිර්මාණ, නවෝත්පාදන හා තාක්ෂණික ප්‍රවීණයන්ගේ අද්දැකීම් Trumps හී පාරිභෝගිකයන්ටත් අත්විදිය හැකි.

මෙය ඩිජිටල් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නවමු මාවතකට ගෙන යනු ලබන බවයි එහි ප්‍රධානින් පවසන්නේ.

VLT ඩිජිටල් ප්‍රචාරණ ආයතනය, මහජනතාවගේ ජීවිත වඩා යහපත් කරවන අත්දැකීම් නිර්මාණය කරන ඩිජිටල් සමාගමක්. තවද විද්වතුන්, නිර්මාණශීලීන්, නව තාක්ෂණික හැකියාවන් ඇති 70ක පමණ පිරිසක් මෙහි සම්පත් දායකයන් ලෙස කටයුතු කරනවා. එමෙන්ම පසුගිය වසර හතර තුළ ක්ෂේත්‍රයේ ඉහලම සම්මාන රැසක් දිනා ගැනීමට සමත් වුණා. ඒ අතර “Agency of the Year” , Campaign Asia’s Southeast Asia Independent Agency of the Year, Malaysia Digital Agency of the Year in 2013-2016 වෙනවා.

එමෙන්ම Trumps Solutions පසුගිය දා Effie Gold winner සම්මානයෙන් පිදුම් ලැබූවා. සාම්ප්‍රදායික වෙළඳ දැන්වීම් කළාවේ වෙනසක් සිදුවිය යුතු බවට තදින්ම Trumps Solutions ආයතනය විශ්වාස කරනවා. වෙළඳ ප්‍රචාරණ ව්‍යපාරය තුළ සැබෑ ඩිජිටල් ඵලදායී අත්දැකීමක් ලබාදීමට ඔහුන්ට හැකියාව පවතිනවා.


නාඹර වියේ පසුවන Trumps Solutions සමාගමේ ජයග්‍රහණයන් ඔවුන්ගේ සම වයස් සීමාවන් අභිබවා ගොස් ශ්‍රී ලංකාවේ පිදෙන එකම Effie Gold winner 7 දෙනා අතරට එක්වී තිබීම සුවිශේෂි කරුණක්. එමෙන්ම සිංගර් ශ්‍රී ලංකා, වටවල ටී සිලෝන් සහ සියපත ෆිනෑන්ස් යන කීර්තිමත් වෙළෙඳ නාමයන් රැසකගේ විශ්වාසය දිනා ගැනීමට මේ වන විට සමත්ව තිබෙනවා.

මෙම එකමුතුව පිළිබඳ අදහස් දක්වමින් Trumps solutions (PVT.) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී නදීකා කුමාරිහාමි මහත්මිය ප්‍රකාශ කළේ,

"අනාගත වෙළඳ දැන්වීම් ප්‍රචාරණයේ ඉදිරියෙන් සිටීම හා සාම්ප්‍රදායික මාධ්‍යයෙන් ඉවත් වීම අපගේ එකම අරමුණයි. තවද සාම්ප්‍රදායික වෙළඳ දැන්වීම් ප්‍රචාරක කර්මාන්තයෙන් මිදී ඩිජිටල් අලෙවිකරණ ප්‍රචාරණය එකම වෙළඳ ප්‍රචාරණ මාධය ලෙස පත්වීම අපගේ විශ්වාසයි.
අපගේ ගනුදෙනුකරුවන්ට තම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අතිරේක වාසි ලබා දීම අපගේ තවත් අරමුණක් වෙනවා. අපගේ ගනුදෙනුකරුවන්ට සපයන ඩිජිටල් විසඳුම් ඔවුන්ගේ ව්‍යාපාරයේ ඉහළටම එසවීමට සමත් වීමට ඉඩ සලසනු ඇති බවට සැකයක් නැ."

Trumps-VLT හි ඩිජිටල් ප්‍රචාරණ සහ අලෙවිකරණ ප්‍රධානී ඉමාෂ ප්‍රනාන්දු මහතා මෙසේ ප්‍රකාශ කළා.

"ශ්‍රී ලංකාවේ අලෙවිකරුවන්ට ඩිජිටල් අලෙවිකරණය සම්බන්ධයෙන් පුළුල් පරාසයක් තිබෙනවා. VLT වැනි ආයතනයක් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම මගින් අපගේ සේවාදායකයින්ට වඩා හොඳ සේවාවක් සැපයීමට අපිට හැකි වෙනවා.

Trumps-VLT විසින් ඉදිරිපත් කරන ඩිජිටල් අලෙවිකරණ විසඳුම් මෙරට ඩිජිටල් අලෙවිකරණ කර්මාන්තයට නව මුහුණුවරක් ගෙන එනු ඇතැයි අප විශ්වාස කරනවා. "

මේ අතර VLT හි ප්‍රධාන විධායක නිලධාරි ඒඩ්රියන් ලිම් මහතා මෙසේ කියා සිටියා

"දකුණු ආසියාවේ අපේ පළමු සහයොගීතාවය කොළඹ Trumps සමඟ වීම ගැන අපි අතිශයින් සතුටු වෙනවා. අප වර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් දෙස බලමින් සිටින අතර දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාව වෙරදරමින් ඉන්නවා.
අපගේ නව හවුල්කරුවන් සමඟ එක්ව අපගේ තාක්ෂණය බෙදාගැනීමටත් දේශීය හා ලොව හොඳම වෙළෙඳ නාමයන් වර්ධනය කර ගැනීමට අපට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා."

Trumps-VLT හවුල්කාරිත්වය, සමාජ මාධ්‍ය හා දේශීය ඩිජිටල් අත්දැකීම් පරිසර පද්ධතියට තවත් විශාල පැතිකඩක් ගෙන එනවා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News