Citizen.lk
 

ලංකාව වැරදිවලින් පාඩම් ඉගෙන ගන්නේ නෑ - හතුරුසිංහ එන්න කලින් පැදුරණු ඉන්දීය සංචාරය ගැන නික් පෝතාස් කියන කතාව

ලංකාව වැරදිවලින් පාඩම් ඉගෙන ගන්නේ නෑ - හතුරුසිංහ එන්න කලින් පැදුරණු ඉන්දීය සංචාරය ගැන නික් පෝතාස් කියන කතාව | Nic Pothas Speaks About Sri Lanka Cricket
Mon 18 December 2017 5:13 pm
4,723 views

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඊයේ(17දා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් පසුව මාධ්‍ය අමතමින් ශ්‍රී ලංකා පිලේ තාවකාලික පුහුණුකරු නික් පෝතාස් පැවැසුවේ ශ්‍රී ලංකා කණ්ඩායම වැරදි තුළින් ඉගෙන ගැනීමට කටයුතු නොකරන බවත් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහට හැකි උපරිමයෙන් සහාය දක්වන බවත් ය.

"මම අපේ එක්දින ක්‍රිකට් ගැන ගතා කළොත් අපි වේගයෙන් ඉගෙන ගත්තේ නෑ. ටෙස්ට් තරගවලදී එය ප්‍රතිවිරුද්ධයි. ක්‍රීඩකයන් ඉක්මනින් ඉගෙනගෙන තත්ත්වයන්ට අනුගත වුණා. එක්දින තරගවලදී එකම වරද සිදුවෙමින් පවතිනවා. අපි මාර්ගයන් මාරු වුවත් එකම බසයකින් ගමන් කරමින් සිටිනවා. ඉතින් මම එය නව පුහුණුකරුට හා තේරීම් කමිටුවට බාර කරනවා. මම පැහැදිලිවම මගේ යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

"මම නත්තල් සැමරීම සඳහා ආපසු හැරී යනවා, ශ්‍රී ලංකාවට පුහුණු කිරීමට ලැබීම විස්මයජනකයි. ක්‍රීඩකයන්ගේ පැත්තෙන් හා මගේ පැත්තෙන් බැලුවත් එය හොඳින් ඉගෙන ගැනීමයි. ඒක හොඳ අවස්ථාවක්. එහි වර්ධනයක් තිබුණා”

"වෙනස් වී නැති දේවල් තිබෙනවා. ඒකට පිළිතුර කුමක්දැයි මම දන්නේ නෑ. හතුරුසිංහත් සමග එකතුවීමට ලැබීම සතුටක්. මම මට පුළුවන් ආකාරයට හතුරුසිංහට සහයෝගය ලබා දෙනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News